18.☑️

98 30 42
                                    

@tae's room

tae : හ්‍යුන් ?

beomgyu : හ්‍යුන් තමයි කොල්ලෝ... !!

මේ වෙද්දි බොම්ග්‍යු හිටියෙ ටේගෙ රූම් එකේ..සිද්ධ වුන දේවල්වලට හැටියට බොම්ග්‍යුට දැන් දැන් ටේව තනියම තියන්න හිත ඉඩ දුන්නෙ නෑ..

taehyun : හ්‍යුන් ?

beomgyu : මොනාද කියන්න ඕනි???? හ්‍යුන් තමා !

taehyun : හ්‍යුන් ?

beomgyu : අයියූ කොල්ලෝ...!! මෙන්න මෙහෙ එනවා මම දෙයක් කියලා දෙන්න..

අන්තිමට ඉතින් බොම්ග්‍යු එහෙම කියන් ටේගෙ ඇඳෙන් වාඩි වුණා..ඒත් එක්කම ටේත් හෙමීට නැගිටලා බොම්ග්‍යු ළඟට ළං වුණා..

beomgyu : ඔළුව තියා ගනින් මෙතනින්..

බොම්ග්‍යු එහෙම කියලා ටේගෙ ඔළුව එයාගෙ ඔඩෙක්කෙන් තියා ගත්තා..

beomgyu : ඔළුවට ලොකු බරක් දැනෙනවා නේහ් නිකන් කන්දක් කඩන් වැටිලා වගේ?

taehyun : හ්ම්..

beomgyu : දැන් තමුන් හිතට ගන්න ඕනි ඒ කන්දක් නෙවෙයි මල් ගොඩක් කියලා..

taehyun : හ්ම්..

beomgyu : හ්ම් ගාන්න එපා බන් බස්සෙක් වගේනෙ ?? කටවහන් මං කියන දේ අහන් කියන දේ කරහන්..

ඇත්තටම ඒ හිටියෙ ඇත්තම බොම්ග්‍යු...ඒ වගේම බොම්ග්‍යු ටේගෙ හිත හදන්න තමයි ඔය ට්‍රයි කළෙත්..

beomgyu : දැන් මෙන්න මෙහෙම මේ කොස් ඇට දෙක වහගනින්..

බොම්ග්‍යු එහෙම කීවෙ එයාගෙ අත් දෙකෙන් ටේගෙ ඇස් දෙක වහන ගමන්..

මේ වෙද්දි ටේ හිටියෙ ඇස් දෙකත් පියාගෙන ඇඳේ වාඩි වෙලා හිටිය බොම්ග්‍යුගෙ ඔඩෙක්කෙ ඔලුව තියන් ඇඳේ හාන්සි වෙලා..

beomgyu : ඇස් වහ ගත්තට කමක් නෑ දැන් ඔයා හිතන්න ඕනි හ්‍යුන් ගැන විතරයි ! වෙන මොකුත් ඔය හිත කියන කුණු බක්කියට දාගන්න එපා !! කෙලින්ම මේ හ්‍යුන්ව කුණු බක්කියට දාගනින්..

බොම්ග්‍යු කියන දේට ටේ හොඳට ඇහුන්කන් දුන්නා..බොම්ග්‍යු සෙල්ලමට බර වුනාට මේ වගේ දේවල් ගැන එයාට හොඳට තේරෙනවා.ඇත්තටම කීවොත් බොම්ග්‍යූ එයාගෙ පණටත් වඩා එයගෙ මල්ලිට ආදරෙයි..ඒක තමා ඇත්ත..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now