23.☑️

104 29 52
                                    

@tae's room

tae : ආහ්හ්හ්හ් ! ආහ්හ්හ්හ් ! ආහ්හ්හ්හ් !!

ටේට ඒ වෙලාවෙ එයාගෙ යටි හිතට අවනත වෙනවට වඩා එයාගෙ උඩු හිතේ පාලනයට යටත් වෙලා ඉන්නම සිද්ධ වුණා..

ඒක නිසාම එයා එයාගෙ තීරණය එහෙමම කරගෙන ගියේ අනික් දේවල් ගැන පොඩ්ඩකට අමතක කරලා..

ටේ ඒ වෙලාවෙ එකදිගටම තුන් පාරක් විතර බිත්තියේ එයාගෙ ඔළුව ගහන් ගහන් ගියේ අර උඩු හිතේ පාලනයට අනුව..

ඒ වගේම මේ දේවල් හිනා වෙවී බලන් ඉන්න කෙනෙකුත් එතන හිටියා.ඒත් ටේට පෙනුනෙ බිත්තියට වැටිලා තියෙන එකම එක ඡායාවක් විතරයි..
.
.
.
*step..step..*
.
.
.

beomgyu : ටේ හ්‍යුන්න්න්න්න්න්න්න් !!!!!

ඒත් එක්කම ඉබේම වගේ බොම්ග්‍යු එතනට ආවෙ කලින් හිටිය පරණ බොම්ග්‍යු විදියට නම් නෙවේ..

ටේගෙ රූම් එකේ ඉන්න බොම්ග්‍යු මේ වෙලාවෙ රූපෙන් නැතත් හිතන පතන විදියෙන් වෙනස්ම කෙනෙක්....

tarhyun : න්..නූන්..ආ !

ඒ වෙද්දිත් ලේ පෙරන් හිටිය ටේහ්‍යුන් වෙන මොකුත්ම නොකියා එහෙමම ෆ්ලෝ එකේ බිම ඇදගෙන වැටුණා..

beomgyu : ටේ ! ටේ..! තමුසෙලා හිතන්නෙ මේ අහිංසකයට මෙහෙම වද දුන්නම සේරම හරි කියලද?? තමුසෙලාට ඕනි ඒ ජරා වැඩේ ආයෙම කරන්න නම් තමුසෙලා හිතා ගන්නවා මේ තමුසෙලගෙ අවසානෙ කියලා !!!   ආආආආයිශ්ශ්ශ්ශ් !!!!!! මෙතනින් පලයව් දැන්වත්ත්ත් !!!!!!!!! යාහ්හ්හ්හ්හ්...

බොම්ග්‍යු එයාට පුළුවන් උපරිමෙන් එහෙම කියන් කෑගහුවෙ ටේවත් අල්ලගෙනමයි..

ඇත්තටම කීවොත් බොම්ග්‍යුගෙ  ඒ සද්දෙ ඒ රූම් එකෙන් පිට්ට ඇහුනෙ නෑ..උපරිම තීව්‍රතාවයකින් විහිදුන ඒ සද්දෙ කොහොමත්ම අනික් අයට ඇහෙන්න විදියක් නෑ..මොකද කීවොත් ඒක ඇහෙන්නෙ අදෘශ්‍යමාන ආත්ම කියලා සැලකෙන අයට විතරයි..

ඒක තමයි එතන තිබුනු වෙනස..

ඇත්තටම බොම්ග්‍යුගෙ සද්දෙට ඒ වෙලාවෙ ඒ හිටිය කෙනා නිකන්ම යන්න ගියේ ටේගෙ රූම් එකේ තිබුනු බඩු මුට්ටු ලොකු හුළඟකින් බිමට වට්ටගෙනමයි...

Beyond the darkness [horror] ☑Where stories live. Discover now