8.☑️

129 32 87
                                    

@tae's room

kai : ටේ ! මේක බීලා නිදාගනින් පොඩ්ඩක්..එතකොට හරියයි !!

අන්තිමට කායිත් ටේට බොම්ග්‍යු  කීව විදියටම ටැබ්ලට් එකකුත් දීලා රූම් එකේ හීටර්සුත් ඔන් කරලා එතනින් යන්න ගියා....

@2nd floor...

?? : කායි !

kai : ඕ අමතනවා !

කායිට කටහඬක් ඇහුනත් එයාට ගානක් ගියේ නෑ කව්ද ඒ කතා කළේ කියලවත්.....මේ වෙලාවෙ කායි හිටියෙ රූම් එකෙන් එලියෙ.....

kai : ක්..ක..කව්ද ??

?? : මම !

kai : මම කියන්නෙ?

?? : මම !

kai : මමට නමක් නෑ?

?? : මම !

kai : කව්ද යකෝව් !!????

අන්න ඒ වෙලාවෙ තමයි කායිට තේරුනේ එයා ඔය කතා කරන්නෙ කාත් එක්කද කියලා...

kai : මම ! මට ඔය මමව පේන්නෑනෙ ?

?? : මම ඉන්නෙ ඔයාගෙ පිටිපස්සහ කායි !

කායි නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා...කායිට පේන්න තිබුනෙ එයාගෙ පිටිපස්සහ හිටන් ඉන්න කෙනෙක්ව......

kai : යකෝ මට හීන් දාඩියත් දාලා ගියා !! උඹනම් මහ වල් බූරුවෙක් !!! දැන් උඹ මොකද මෙතන කරන්නෙ??????

tae : ඇයි යකෝ !? ස්කූල් යන්නෑද?????

ඇත්තටම ඒ හිටියෙ ටේ හ්‍යුන්...කායිට මෙලෝ සිහියක් නෑ ඉතින් දැන් ටිකකට කලින් ටේට මොකද වෙලා තිබ්බෙ කියලවත්....

kai : තොට පිස්සුද නැත්තම් මට පිස්සුද?? ආහ් ! නෑනෙ නෑනෙ?? උඹට පිස්සු නම් අනිවාරෙන් මටත් පිස්සුනෙ !??

tae : මොනාද ඕයි කියවන්නෙ????

kai : යකෝ දැන් උඹම නේද වෙවුල වෙවුල නිදියන් හිටියෙ අර රූම් එකේ??? දැන් මොකද මේ එකපාරටම ස්කූල් කෙහේම්මලක් මතක් කරන්නෙ??

tae : උඹට ඔල්මාදෙද කායි?? මම කොහෙද රූම් එකේ නිදියන් හිටියෙ ???

kai : මෙහෙ වර යන්න !! උඹ කියන්නෙ උඹ දැන් රූම් එකේ නෙවෙයි හිටියෙ කියලනෙ ? එතකොට රූම් එකේ ඉන්නෙ මොකාද??වරෙන් යන්න මාත් එක්ක !

Beyond the darkness [horror] ☑Where stories live. Discover now