11.☑️

118 31 107
                                    

@living room

Beomgyu : අඩෝ අරුන් දෙන්නා උඩට වෙලා පෙම්බස් දොඩවනවද බන් මෙච්චර වෙලා?

මේ වෙලාවෙ බොම්ග්‍යුයි සූබිනුයි නම් හිටියෙ සාලෙම තමයි..මේ වෙද්දි සූබින් හිටියෙ සෝෆා සෙට් එක කොනේ වාඩි වෙලා හොල්මන් කතා පොතක් කියව කියව.ඒ අතරෙ බොම්ග්‍යු සූබින්ගෙ ඔඩෙක්කෙ ඔළුව තියන් සෝෆාවෙ සිගා වෙලා ඉන්ට්‍රගෑම් පැත්තෙ රවුමක් දාන ගමනුයි හිටියෙ..

soobin : උන් දෙන්නට කොච්චර නම් දේවල් කතා කරන්න ඇතිද නේ බන්??

beomgyu : යේකනේ කියන්නෙ මාතියා ! අම්මොහ් !! අඩෝ මේ බලහන්කො මගෙ 9999 වෙනි ෆලොවර්ගෙ එකවුන්ට් එක??

කතාවෙ මැද්දෙන් බොම්ග්‍යු එහෙම ඇඩ් එකක් දැම්මෙ එයා ටිකක් අමුතු දෙයක් ඉන්ටග්‍රෑම් එකේ දැක්ක නිසා..

ඒ තමයි බොම්ග්‍යුගෙ 9999වෙනි ෆලොවර්..

soobin : ඈහ්? ආම් යුවර් සෝල්??

ඒ ෆලොවර්ගෙ යූසර් නේම් එක තිබුනෙ ආම් යුවර් සෝල් කියලා..ඒ නම ටිකක් අමුතු නිසා සූබින්ට හිතුනා ඒ එකවුන්ට් එක පොඩ්ඩක් බලන්න ඕනි කියලා..

beomgyu : මේ යූසර්ගෙ අන්තිම පෝස්ට් එක තියෙන්නෙ 2005දී නේ??යකඩෝ ??

soobin : බලහන්කො මේවා ඒ කාලෙ මේකෙ වයිරල් ගිහින් ද කොහෙද??

කතා පොත පැත්තක දාලා සූබින් බොම්ග්‍යු එක්ක ඒ ෆලොවර් ගැන හොයන්න පටන් ගත්තෙ මුන් දෙන්නට ඕන්නැති කෙහෙම්මලක් නැති නිසා..

beomgyu : අඩේහ් ??? මේක බලහන්කෝ?? මේ කෙල්ලෙක්ද බන්?

soobin : අඩේහ් ඔව්මයි !? අඩෝ මේ සේව් මී බුක් සේරම කොහෙන්ද මේකිට??

පහළට පහළට යද්දි එයාලා දැක්කෙ පිටු දාහක විතර ලොකු පොත් ගොඩක් එක උඩ එක ගහලා තිබුනු ටිකක් අමුතු ෆොටෝ එකක්..සූබින් කීව විදියට ඒ පොතේ නම "සේව් මී".සූබින් හොල්මන් කතා කියවන කෙනෙක් විදියට ඒ ගැන හොඳටම දන්න නිසා තමයි එහෙම කීවෙ..

එයාලා ඒ යූසර් කෙල්ලෙක් කියලා දැනගත්තෙ එයාගෙ බැක් ලුක් එක දාලා තිබුනු පෝස්ට් එකකින්...එයාගෙ කොන්ඩෙ ඉණ හරියට විතර දිගට තිබුණා..ඒත් එයාගෙ හැම පෝස්ට් එකක්ම වගේ තිබුනෙ බ්ලැක් කලර් එකෙන්..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now