13.☑️

109 29 58
                                    

@tae's room

?? : ඒත් මට කරන්න දෙයක් නෑ !! ආහ්ක්ක්ක්...

ඒ කෙනා ටේ ළඟට ළං වෙන්න උත්සහ කළත් එයාට ඒ පාර නම් ඒක කරන්න බැරි වුණා..එයාට ඇත්තටම ඒකට හේතුව දැනගන්නත් බැරි වුණා..

කවුරුත් නොදන්නවා වුනාට මේ වෙලාවෙ ටේ වෙනුවෙන් කෙනෙක් එතන හිටියා..එයා ටේ ළඟ, ටේ එයා ළඟ ඉන්නකන් වෙන කාටවත් බෑ ටේට අනතුරක් කරන්න..

?? : ආයිශ් !!! ඇයි මට ඒක කරන්න බැරි?????? මට ගොඩක් බඩගිනියී !!!! මට ලේ ඕනී..යාහ් !!!

එයා කොච්චර උත්සහ කළත් ටේ ළඟට එන්න නම් හිතන්නවත් බැරි වුණා..එයා ටේ ළගට එන්න අඩි දෙකක් ඉස්සරහට තිබ්බම එයාව අඩි පහ හයක්ම පිටි පස්සට විසි වුණා...අන්තිමට එයා තරහෙන්ම එතනින් යන්න ගියේ ටේගෙ රූම් එකේ ජනේල් සේරම ඇරගෙන...

මේ වෙද්දි...

@living room

beomgyu : සුමී දැන්ම යන්නද ලෑස්ති ?? මූට අර කායි කීව එකක් දීලා යන්න හරිද? නැත්තම් මට මුගෙ නරි කෙල නාන්න වෙයි !

බොම්ග්‍යුගෙ නම් අදහස අද යොන්ජුන්ට සුමීගෙන් තොත්තුවක් ඉල්ලා දෙන්නමයි..

sumi : උම්...මාහ් ! ඔන්න හරිනෙ දැන්?

අන්තිමේදි ඉතින් සුමී ඒක කළා..සුමී යන්න කලින් යොන්ජුන්ගෙ නළලට තොත්තුවක් දුන්නා..බලන්න එපෑ ඒ වෙලාවෙ බොම්ග්‍යුගෙ මූණෙ තිබ්බ ඒ වල් හිනාව..

yeonjun : පරිස්සමෙන් !

sumi : ගුඩ් බායි ඔප්පා..

එහෙම කියලා සුමී ආපහු ගෙදර යන්න පිටත් වුණා..

beomgyu : අඩෝ මේ ? වරෙන්කෝ බඩ්ඩක් පෙන්නන්න !

සුමී ගියාට පස්සෙ බොම්ග්‍යු යොන්ජුන්ව පොඩි කතාවකට ඇදලා ගත්තෙ බොම්ග්‍යුට යොන්ජුන් එක්ක පොඩි වෙලාවක් හරි කාලය ගත කළේ නැත්තම් රෑට කෑවෙ නෑ හා සමාන නිසා..

yeonjun : මොකද්ද ?? උඹ ඔච්චර පුදුමෙන් කියනවනම් අනිවා ඕක කාගෙ හරි හෑල්ලක් වෙන්න ඇති..

යොන්ජුනුත් එහෙම කියන් බොම්ග්‍යු ළගින් වාඩි වුණා..

බොම්ග්‍යු ඒ යොන්ජුන්ට පෙන්නන්න හැදුවෙ අර ඉස්සරලා හම්බුනු අලුත් ඉන්ස්ටග්‍රෑම් ෆලොවර්ගෙ එකවුන්ට් එක..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now