22.☑️

119 26 53
                                    

@yeonjun's room

sumi : ඔව් ඔප්පා ! ඔයත් කායිගෙ ළඟම කෙනෙක් තමා.. ඒත් මට තේරෙන්නැත්තෙ ඇයි මේ දේවල් මෙච්චර දුරට යනකන් අපිට මොකුත් තේරුනේ නැත්තෙ කියලා..

මේ වෙද්දි සුමී යොන්ජුන් එක්ක යොන්ජුන්ගෙ යටි හිත දිගේ ගිය ගමන ගැන සාකච්ඡා කරන ගමනුයි හිටියෙ..

yeonjun : සුමී ! මට දෙයක් දැනුනා..දැන් ටික දවසකට කලින් මම මගේ රූම් එකට ගියාම මගෙ රූම් එක හොඳටම අස් වෙලා තිබුණා.ඒත් සූබින්ලා කියන්නෙ නම් මගේ රූම් එක අපායක් වගේ කියලා.ඇයි එයාලා දකින්නෙ නැත්තෙ ඒක පිළිවෙලට තියෙන වෙලාවල්???මේක මහ අමුතුයි..

sumi : ඒකට හේතුවක් ඇති ඔප්පා.සමහර විට ඔයා එක්ක කායිගෙ නැති වුන ලොකු නූනා ඇති.මට ඒක ෂුවර් නෑ ඒත් අපි බලමුකො නේද..

සුමීගෙ අදහස වුනේ ඒක.ඒත් සුමී හිටියෙ ඒ ගැන හොඳ විශ්වාසෙකින් නෙවෙයි..

මේ අතරේ....

@kai's room

kai : ටේ හ්‍යුන් !? මේකා ඒ පාර කොහෙටද අතුරුදහන් වුනේ???

කායි පොඩ්ඩකට අහක බලලා ආයෙ බලද්දි කායි ළඟ ටේ හිටියෙ නම් නෑ..

අන්තිමට ඉතින් ටේව හොයාගෙන කායිත් නින්ද පැත්තක දාලා රූම් එකෙන් එලියට ආවා..

කායි කෙලින්ම ගියේ පහළ සාලෙට..

@living room

yeonbi : ඒ හලෝ මේ.. ඇත්තටම දැන් මම හොල්මනක් වුනොත් ඔයා මාව අතාරිනවද??

මේ වෙද්දි යොන්බියි බොම්ග්‍යුයි හිටියෙ ලොකු කතාවක..

beomgyu : අනේ පිස්සුද මැණිකේ !?? හොම්මනක් වුනත් ඔයා මගේනේ...

yeonbi : අනා... හව් ස්වීට් මගෙ ඔප්පා පණ....

kai : මුන් ඔක්කොම තැන තැන ලව් !? යකඩෝ !!! මම දැන් එම් කේ..?

ඒත් එක්කම කායිත් එයාලගෙ කතාවට එකතු වුණා..

beomgyu : අම්මට !? වරෙන් මයෙ අම්මා.. උඹ දොයියලා ඇහැරියද??

බොම්ග්‍යු එහෙම කිය කිය හොඳ ඇක්ටින්ග් එක්කුත් දාගෙනම කායිගෙ අතින් ඇදලා අරන් කායිව ඒ ළඟින්ම වාඩි කරවගත්තෙ බොම්ග්‍යු කරන්න ආසම දේ කායිගෙ කොන්ඩෙ අවුස්සන එක නිසා..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now