01.🌻

1.5K 97 54
                                    

"දැන් තේරුණාද ළමයි? වස්තුවක මොනයම් හෝ චලනයක් සිදුවෙනවානම් ඒ වස්තුව මත සමතුලිත නොවූ බලයක් ක්‍රියාත්මක වෙනවා"

"ඔව් මිස්"

ළමයි ඈනුම් ඇර ඇර බලන් හිටියේ පීරියඩ් එක ඉවර වෙනකන්.

"ගංගාවී... නැගිටලා පන්තියටම ඇහෙන්න කියන්න බලන්න නිව්ටන්ගේ පළමු නියමය මොකද්ද කියලා"

"වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදේ නම් නිශ්චල වස්තු නිශ්චලව පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ"

"ගොඩක් හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටස පටන්ග-"

පීරියඩ් බෙල් එක ගැහුව නිසා ළමයි ඇඟේ හිරි අරින ගමන් සතුටින් ඩෙස් වලට ගහන ගමන් නැගි⁣ට්ටේ මිස්ට ආයුබෝවන් කියලා ඉක්මනට කැන්ටිමට යන්නයි.

"ආයුබෝවන් ළමයි!"

"ආයුබෝවන් මිස්!!!"

10-A පන්තිය ඒ විදිහට විසිරිලා යද්දි මිස් තවමත් බලන් හිටියේ පන්තියේ අයින්ස්ටයින් දිහා.

"ගංගාවි, පුතේ පොඩ්ඩක් මෙහෙට එන්නකෝ"

"ඇයි මිස්?"

"අපි අලුතෙන් විද්‍යාව සංගමයක් හදනවා. ඒකට බැඳෙන්න කැමතිද?"

"ශා මරුනේ මිස්! මං අනිවාරෙන් එනවා"

ගංගාවිගේ උනන්දුව නිසා සකුන්තලා මිස් තවත් එයා ගැන පැහැදුණා. මුළු සෙක්ශන් එකේම විද්‍යාවටයි ගණිතයටයි දක්ෂම ළමයා තමයි ගංගාවි. ළමයි මොනතරම් ඉරිසියා කළත් ඉස්කෝලේ ගුරු කාර්ය මණ්ඩලයම එ⁣යාගේ නිහතමානීකම නිසා හැම පැත්තෙන්ම නොඅඩුව උදව් කළා.

"රන්දිමා!"

"ඕ... කියන්න මිස්"

තමන්ගේ පාඩුවේ යාළුවත් එක්ක එළියට යන්න ගියපු රන්දිමාට සකුන්තලා මිස් කතා කරාම ගැස්සිලා ගියේ මිස් රන්දිමාට කතා කරන්නේ බොහොම කලාතුරකින් නිසා.

"ඔයා ගංගාවි එක්ක විද්‍යාව සංගමේ වැඩ බලන්න ඕනි"

"සංගමයක්? කෝ කොහෙද?"

"අලුතෙන් එකක් හදනවා. එ්කේ ඕගනයිසින් වැඩ ඔක්කොම බලන්න ඕනි ඔයා හරිද?"

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now