09.🌻

363 71 3
                                    

පහුවදා වෙද්දි ගංගාවිට සිහිය ඇවිත් තිබුණා. ඔලුව පැලිලා තිබුණ නිසා මැහුම් දාන්න වුණා. කලින් දවසේ හවස හය වගේ පහුවෙද්දි රන්දිමායි ශානිකායි ගෙවල්වලට ගියේ අම්මලා තාත්තලා එයාලා ඉස්පිරිතාලෙ ආපු බවක් දන්නැති නිසා. පහුවදාත් ඉස්කෝලේ ඇරිලා ශානිකා සයුරිත් එක්ක ගංගාවිව බලන්න ගියේ රන්දිමාට ප්‍රැක්ටිස් ඉවර වෙලා එන්න කියලා. මොනාවුණත් ප්‍රැක්ටිස් නාවොත් සර්ගෙන් කුණු බැනුම් අහගන්න වෙන නිසා බැරිබැරිගාය පැත්තකින් දාලා රන්දිමා ප්‍රැක්ටිස්වලට නැවතුනා.

"ගංගාවි... සුදුමැනිකට දැන් කොහොමද?"

"දැන් නම් හොඳයි... පොඩි ඔලුවේ කැක්කුමක් තියෙනවා විතරයි"

"පේනවනේ! මං තමුසේ එක්ක හිටියේ නැත්තේ විනාඩි දෙකකට විතරයි දැන් ඔලුවත් පලාගෙන ඉස්පිරිතාලෙ"

"ඒකනේ... ඔයා මාව බලාගත්තේ නැති නිසා තමයි මේම වුණේ හූම්"

"යැයි යැයි තමා"

සයුරිගෙයි ගංගාවිගෙයි චූටි වලිය කෙරීගෙන යද්දි ඒ වෙලාවෙම වගේ ගංගාවිගේ අප්පච්චියි අම්මයි ආවේ ගංගාවිට කෑම අරන්.

"ගංගාවි දන්නවද... ඔයා හැප්පුන වාහනේ රේස් ගිහින් තියෙන්නේ කවුද කියලා?"

"ම්හ්ම්... නැහැ... කවුද?"

"මිස්ටර් නිමේෂ් අසංක දලුවත්ත"

"ඈ?"

"නිමේෂ් බං නිමේෂ්... අර රිටා ඕයි"

"එයා අපේ වයසේ නේද? නැත්තන් වැඩිමල්ද?"

"ගංගාවි උඹේ ඔලුව පැලිලා මොලේ කෑල්ලක්වත් එළියට වැටුණද ඌව මතක නැත්තේ?"

"නෑ නෑ එහෙම නෙමෙයි... ඔච්චර අඩු වයසින් වාහන පදින්න පුළුවන්ද?"

"ඒකනේ... ඔයාලගේ අප්පච්චි හොඳ නිසා හොඳයි නැත්තන් ඕකා මෙලහකටත් කූඩුවේ"

ගංගාවිගේ පෙනීම මේ වෙද්දිනම් අන්තිමයි. කන්නාඩි දෙක නැතුව එයා මෙච්චර වෙලාවක් හිටියමද කොහෙද. හැමදෙයක්ම බොඳවෙලා ලාවට අඳුරගන්න පුළුවන් ගානට පෙනුනත් පැහැදිලිව පෙනුනේ නැහැ. ගංගාවිගේ අම්මට කෑම කවන්න වුණෙත් ඒ නිසා. අප්පච්චි කලින් දවසේ රෑම කන්නාඩි දෙක හදන්න දුන්නා කිව්වා වුණත් ඒක ආයේ හම්බෙන්නේ හෙට කියලා ඇහුනම එයාගේ මූණ දෙල් වෙලා ගියා. ටිකක් ඉඳලා ගංගාවිගේ දෙමාපියෝ යන්න පිටත්වුණේ හදිස්සියෙම ගංගාවිගේ ආච්චිලාගේ ගෙදර එන්න කියලා ගංගාවිගේ පුංචිඅම්මා කතා කරලා කිව්ව නිසා. ශානිකායි සයුරියි හිටපු නිසා එයාලට බයවෙන්න දෙයක් තිබුණේ නැහැ. 

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now