15🌻

356 60 5
                                    

ටික දවසක් යනකන් සාමකාමීව වෙනදා වගේම ගෙවුණා. වෙනසකට තිබ්බේ දවසින් දවස වැඩිවෙන පාඩම් කිරිල්ල විතරයි. රන්දිමායි හිරුණියි තවත් එයාලගේ ටීම් එකේ ළමයිනුයි දවසක් රෑ අමන්දි අක්කාගේ ගෙදරදි තරඟේ දිනපු එකේ සතුට සමරන්න පා⁣ටියක් දැම්මා.

එතකොට නිමේෂ් ගැන කිව්වොත්... එයානම් තව තවත් වදයක් වුණා. දවස ගානේ ගංගාවි වටේ කැරකෙන්නයි රන්දිමාගේ ප්‍රෙශර් නග්ගන්නයි එයාට හොඳට පුළුවන් වුණා... පහුගිය සති දෙකටම නිමේෂ් තුන්පාරක් විතර රන්දිමාගෙන් වගේම ශානිකාගෙනුත් ගුටි කන්න ඇති, ඒ හැමපාරම එයාලා ප්‍රින්සිපල් ඔෆිස් එකටත් යන්න ඇති... නිමේෂ් මේ තරම් ඉවසනවා පුදුමයි, හැබැයි එයා ඒ විදිහට ඉවසන්නේ දැනටමත් එයාගේ ගෙදරට එයා ගැන ලැබෙන පැමිණිලි කන්දරාව නිසා තාත්තාගෙන් එයාට හම්බෙන තර්ජන, අනතුරු ඇඟවීම් නිසා.

ඒ ඔක්කොමත් අස්සේ සයුරි වෙනම කෝලමක් නටනවා. සයුරි එදා ශානිකාට බැනපු දවසින් පස්සේ සතියකුයි තව දවස් දෙක තුනක් යනකන්ම ශානිකා එක්ක කතා කළේ නෑ. ශානිකා එයා එක්ක කතා කරන්න උත්සහා කළෙත් නැහැ. සයුරි එයාගේ තරහා පිට කළේ බඩු මුට්ටුවලින්. ශානිකාව පේන මානේ හිටියත් එක්කෝ එයාගේ පොතක පිටු ඉරිලා නැත්තන් පෑනක් පැන්සලක් වගේ දෙයක් එයා අතින් කැඩිලා ( විසි එක්වෙනි සියවසේ අපේ යකඩ ගැහැනිය!) ශානිකා ඔය හැමදේම දැක්කත් එයා හිටියේ සයුරිටම එයාගේ කේන්තිය නිවාගන්න දීලා පැත්තකට වෙලා බලාගෙන. එයා සයුරිට ක්‍රශ්ලු, ඒ වුණත් ඒක හොඳම යාළුකමක්ද නැත්තන් ඇත්තම කැමැත්තක්ද කියලා ශානිකාවත් තවම දන්නේ නෑ. ඒක එයාගේ තීරණේ... ඒකට සයුරිට තියා වෙන කාටවත් මොකුත් කියන්න බැහැ, අයිතියක් නැහැ.

අදත් නිමේෂ් ෆ්‍රී පීරියඩ් එකකදි ගංගාවිලා ළඟට ආවේ රන්දිමා ගංගාවිට ගම් ගාලා අලෝලා වගේ ඇලිලා ඉද්දි.

"රන්දිමා මට අදනම් තමුසේ එක්ක රණ්ඩු වෙන්න බෑ ඒ නිසා මට ගංගාවි එක්ක කතා කරන්න දෙන්න"

"රණ්ඩු වෙන්න බැරිනම් තමුසේ පැත්තකට යනවා මෙතන අපිට පව් පුරවන්නේ නැතුව"

මෙහෙමනේ... එදා සිද්ධියෙන් පස්සේ රන්දිමා ඉන්න තැනක නිමේෂ්ට ගංගාවි එක්ක එක වචනයක් තියා එක අකුරක්වත් කතා කරගන්න බැරිවුණා. රන්දිමා දැන් වැඩ කරන්නේ හරියට එයා ගංගාවිගේ බොඩි ගාඩ් කියලා හිතන් වගේ. හැබැයි ගංගාවියි රන්දිමායි එකට ඉන්නේ නැති අවස්ථාවල් ප්‍රයෝජනයට අරන් නිමේෂ් පුළුවන් තරම් ට්‍රයි කළේ ගංගාවි එක්ක කතා කරන්න. එයා හිතුවා වගේම ඒක ඒ විදිහටම සිද්ධ වුණා. පංතියේ දක්ෂම ළමයා සාමාන්‍ය දැනීමෙදි මෝඩම ළමයා කියලා ඔප්පු කරන්න ගංගාවිට නිමේෂ් එක්ක තිබ්බ මෝඩ කතාබහ හොඳම සාක්කියක් වුණා. ඒක ඉතිං ගංගාවිගේ වරදකුත් නෙමෙයි, එයා හදන්නේ පුළුවන් තරම් මේ ඇවිලෙන ගින්න සමනය කරලා නිවලා දාන්න.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now