12.🌻

357 76 11
                                    

"ඇයි සයූට බැරි අනිත් දවසට වගේ මා එක්ක කතා කරන්න අර කොහෙවත් යන දිගංචියෝ එක්ක නැතුව"

ශානිකා කියද්දි ගංගාවි උඩ බිම බැලුවේ මොන්ටිසෝරි බබෙක් යාළුවා තරහා වුණාම අම්මා ගාවට ගිහින් හේතු හොය හොය දුක කියනවා වගේ ශානිකා කතා කරන්නේ ඇයි කියලා.

අනික ෂෙනාල් එක්ක සයුරි කතා කළාම මොකෝ වෙන්නේ? ඇඟේ කෑල්ලක් යනවයැ?

මුළු ඉස්කෝලෙටම ඇහෙන්න තැන තැන හයි කරලා තිබුණු ස්පීකර්ස්වලින් අනවුන්ස්මන්ට් එකක් දුන්නේ තරඟ පටන් ගන්න නිසා ඉන්ඩෝ එකට එන්න කියලා. ඒ වෙද්දිත් අනිත් ඉස්කෝලෙ පිරිසත් ඇවිත් හිටියා. සෙනඟ නම් ඉන්නවා උතුරන්න! වාසනාවට ගොඩක් ළමයි ඇවිත් හිටියේ තැනින් තැනට වෙලා ලව් කරන්නයි, පිස්සු නටන්නයි සෙල්ලම් කරන්නයි. එහෙමයි කියලා නෑ ඉන්ඩෝ එක ඇතුළේ හරියට මිනිස්සු හතළිහක් පනහක් විතර පිරිච්ච බස් එකක් වගේ. ශානිකායි ගංගාවියි යන්තම් ඇතුළට ඇවිත් ඉඩ තියෙන තැනකට ගියේ තැලෙන්නේ පොඩිවෙන්නේ නැතිවෙන්න. රන්දිමාලගේ ටීම් එකයි අනිත් ටීම් එකයි රෙඩි වෙලා ස්ථානගත වෙලා හිටියේ ගේම් එක පටන් ගන්න තව තප්පර කීපයක් විතර තියෙද්දි.

...................

තරඟයේ බාගයක් විතර දුර යද්දි ඉස්සරහින්ම හිටියේ රන්දිමාලගේ ටීම් එක. එයාලගේ ටීම් එකේ හිටපු අමන්දි අක්කා නිසා එයාලට ලේසියෙන්ම ගෝල්ස් ගන්න පුළුවන් වුණා.

රන්දිමා දැනන් හිටියේ නැහැ අද ගංගාවි එනවා කියලා. ශානිකා එයි කියලා හිතුවත් එයාවත් දැක්කේ නැති නිසා රන්දිමා ඇත්තටම හිතුවේ යාළුවෝ කවුරුත් නැතුව ඇති කියලා.
විනාඩි පහළොවක විවේකය වෙලාවෙදි රන්දිමා වටපිට බැලුවේ ඉන්න සෙනඟ දිහා. රන්දිමා ඇන්ටනාව වගේ ඔලුව කරකෝනවා දැකලා ශානිකා නැගිටලා අත වැනුවේ එයාලා ඉන්නවා කියලා රන්දිමාට පේන්න. රන්දිමා තමන්ව දැක්කා කියලා නෝට් වුණාම එයා අතින් පෙන්නුවේ ගංගාවිව, රන්දිමා ඒ දෙන්නට හිනාවෙවී අත වැනුවේ පුදුම සතුටකින්. ඇයි ඉතිං එයා මුලදි හිතන් හිටියේ ශානිකාවත් ඇවිත් නැතුව ඇති කියලනේ. එයානම් පොඩ්ඩක්වත් හිතුවේ නැහැ අද ගංගාවිට එන්න පුළුවන් වෙයි කියලා.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now