16 🌻

353 60 7
                                    

"මොනාද ළමයි මේ සිද්ධ වෙන්නේ? මේ දවස් කීපෙටම මට වැඩිපුරම පැමිණිලි ආවේ ඔයාලගෙන්... රණ්ඩු කරන වයසක්ද මේ? ඉස්කෝලේ ලොකු පංතිවල ඉන්න ළමයි හැටියට ඔය ළමයි පොඩි අයට ආදර්ශයක් වෙලා ඉන්න ඕනි... ඒත් ඒකේ අනිප්පැත්තනේ මේ වෙන්නේ!"

"සොරි සර්..."

"හැමදාම සොරි කිව්වට වැඩක් නෑ ළමයි වැරදි කරාම ඒකෙන් දෙයක් ඉගෙනගෙන ඒ වැරැද්ද ආයේ නොකරන්න වග බලාගන්න ඕනි... මේ පාරනම් ඔයාලට දඬුවම් දෙන්නම වෙනවා... දෙන්නම යනවලා දැන් පංතිවලට! ආයේ මං අඬගහපුවම එන්න"

"හරි සර්..."

රන්දිමායි නිමේෂුයි හිටියේ කන් දෙකත් අල්ලන් ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහා දනගහගෙන. මේ ඉන්ටවල් එකේ අන්තිම විනාඩි කීපය නිසා තම තමන්ගේ පංතිවලට යන ළමයි ඒ කොරිඩෝව දිගේ ගියෙත් හිනාවෙවී කුටුකුටු ගගා. නිමේෂ්ගේ සුදු ශර්ට් එකේ කොලර් එකෙයි උරිස් දෙකෙයි තැන තැන රතු පාට ලේ පැල්ලම්. ප්‍රින්සිපල් සර් ⁣ඒ දෙන්නාව ආයේ අන්තිම පීරියඩ් එකේදි ගෙන්නගන්නවා කියලා හිතාගෙන එයාලව යැව්වේ රන්දිමාගෙයි නිමේෂ්ගෙයි දෙමාපියන්ට කතා කරන්න හිතාගෙන.

කියන පමාවට නිමේෂ්ගේ තාත්තා ඉස්කෝලේ. ප්‍රින්සිපල් සර්ට හීන් දාඩිය දාන්න ගත්තේ නිමේෂ්ගේ තාත්තාගේ තත්වය තරාතිරම ආයේ අමුතුවෙන් දැනගන්න ඕනි දෙයක් නෙමෙයි නිසා.

"මොනාද සර් මේ ඉස්කෝලේ වෙන්නේ? බලනවා මගේ ළමයා අද මේ ලේ පෙරාගෙන ඉන්න තුන්වෙනි දවස! ගෑනු ළමෙක් නේද ගැහුවයි කියන්නේ? මට මේ මුළු ඉස්කෝලෙටම විරුද්ධව විනය නීකි ක්‍රියාත්මක කරන්න පුළුවන් බව අමතක කරන්න එපා සර්!"

ටයි ගැටය බුරුල් කරන ගමන් නිමේෂ්ගේ තාත්තා ප්‍රින්සිපල්ගේ මූණටම කියවගෙන ගියේ අතත් දික් කරකර. නිමේෂ් එයාගේ දරුවා බව ඇත්ත. ඒ වුණත් එයාට තිබ්බා මොන දෙයක් වුණත් තමන්ගේ දරුවා ඉගෙනගන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ටිකක් ගරුසරු ඇතුව කතා කරන්න! ප්‍රින්සිපල් සර් ඒ වෙලාවේ හිටියේ ඇත්තටම මේ දේවල් නවත්තන්න විදිහක් හොය හොය. පුළුවන් විදිහට නිමේෂ්ගේ තාත්තාව සන්සුන් කරලා යැව්වේ නිමේෂ්ව වෙන පංති⁣යකටවත් මාරුකරන්න බලාගෙන.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now