13.🌻

351 60 18
                                    

"කන්ග්‍රැජුලේශන්ස් රන්දි!"

"තැන්කිව් තැන්කිව්..."

"මං ඒ ඔයාලා ප්ලේ කරනවා බලපු පළවෙනි පාර! මොනාවුණත් ඔයා ගෝල්ස් ගත්ත විදියනම් සුපිරියි ආ"

ගංගාවි රන්දිමාට එයා ගැන පැසසුම් දෙද්දි රන්දිමා එතන පොඩි එකෙක් වගේ හිනාවෙවී හිටියා.

"කෝ බං සයුරි? එයා අද ආවේ නැද්ද?"

"හයියෝ රන්දි මං ඔයාට කියන්න තමයි හිටියේ... කලින් අපි ආව වෙලේ සයුරි ⁣අර අපිට එහාපන්තියේ ඉන්න ෂෙනාල් එක්ක කතා කරනවා දැකලා මෙන්න මූ යකා ගහලා වගේ මාවත් ඇදන් ආවා. පිස්සුද මංදා!"

"අහ්ම් අහ්ම්...."

ගංගාවි අතපය විසි කරකර කියලා ඉවර වෙද්දි රන්දිමා කටකොනින් හිනාවෙන ගමන් බොරුවට උගුර පෑදුවේ ශානිකා මූණ නරක් කරන් අහක බලාගනිද්දි.

"ඔය පේන්නැද්ද! සයුරි ⁣ෂෙනාල් එක්ක කතා කළා කියලා ඇඟේ කෑලි ගැලවෙන්නේ නෑ..."

ගංගාවි ඇනුම් පද කියනවා වගේ ශානිකාට ඇනලා කියද්දි රන්දිමා ශේප් එකේ ගංගාවිගේ කරට අත දාගත්තා.

"රන්දි එයාගේ කොන්ඩේ බලාගෙන... අම්මෝ මෙයාට මොකක්හරි වුණොත් මං ඉඳලා හමාරයි"

"හරි හරි මං තදට ඇල්ලුවේ නෑ"

ශානිකා කිව්ව නිසාම රන්දිමා අත ටිකක් ලිහිල් කරලා කොන්ද මැද හරියෙන් දාගත්තා.

"ගංගාවි... මං කියන දේ හොඳට අහන් ඉන්න හරිද? ඔයාට මේ දවස්ටිකේ නෝට් වුණේ නැද්ද මුං දෙන්නා ඇඟේ ඇලෙනවා වැඩියි කියලා?"

"නැත්තේ මොකෝ! මේ දෙන්නා කපල් එක ⁣වගේනේ කොයි වෙලේ බැලුවත් ඉන්නේ"

"අන්න පොයින්ට් එක! ශානිකා නම් පෙරුම් පුරාගෙන ඔය බලන් ඉන්නේ ඒක වෙනකන්"

"මොකක් වෙනකන්ද?"

"කටවහගනින් බල්ලෝ! උඹ කිව්වා කාටවත් කියන්නෑ කියලා!"

රන්දිමා තාලෙට ඇද ඇද ගංගාවිට කියද්දි, ගංගාවි රන්දිමා කියන දේ තේරුම් ගන්න හදද්දි ශානිකාට එතනම පොළොව හාරන් වැලලෙන්න හිතුනා. දැන් තමයි එයාට හිතෙන්නේ රන්දිමාට නොකියා හිටියනම් හොඳයි කියලා.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now