08.🌻

390 71 3
                                    

දවල් වෙලා ගංගාවිගේ අප්පච්චිත් එක්ක ආගිය විස්තර කතා කරකර ගංගාවියි ශානිකායි ඉස්කෝලෙන් එළියට ආවේ බස් හෝල්ට් එකට යන්න. සයුරිගේ අම්මලා කලින්ම අාව නිසා එයාලගේ වාහනේ එයා ගෙදර ගියා. ඉස්කෝලේ ගාව පාර ටිකක් පටු පාරක්. සුපුරුදු විදිහට වැඩි සැලකිල්ලක් නැතුව සාමාන්‍ය විදිහට පාර දෙපැත්ත බලලා අප්පච්චි පාර පනින්න ඉස්සර වුණත් එයාලා දැක්කේ නැහැ ඈතින් එන කළු පාට රේස් කාර් එක.

"අප්පච්චි ඔන්න බලාගෙන!"

ඇස් කොනින් යාන්තමට තඩි කළු ගලක් වගේ දෙයක් එයාලා පැත්තට එනවා දැකපු ගංගාවි අප්පච්චිව පාර මැදින් එහාපැත්තට තල්ලු කළේ බෑග් එකේ බරත් එක්කම අප්පච්චි ඈතට විසිවෙද්දි. වුණේ මොකද්ද කියලා බලන්න අප්පච්චි නැගිටලා බලද්දි එයාට ඇහුණේ හයියෙන් වාහනයක් රේස් කරන සද්දයක්. ගංගාවි බිම ඇදන් වැටිලා ඉන්නවා දැක්කම අප්පච්චි දුවගෙන ඇවිත් ගංගාවිව අත් දෙකට උස්සගත්තා. ස්පීඩ් එක පාලනේ කරගන්න බැරිවුණ කළු පාට රේස් කාර් එක එයාලා හිටපු තැනින් අඩි හතක් අටක් එහාට වෙන්න නවත්තලා තිබුණා. ඔලුවේ අත ගහගෙන එ්කෙන් බැස්සේ ටිකක් තරුණ කොල්ලෙක්. අප්පච්චි ගංගාවිව උස්සන් එයා පැත්තට එද්දි එයත් දඩබඩ ගාලා දොර ඇරලා දුන්නේ මෙච්චර පටු, වංගුවක් තියෙන පාරක ගොඩක් වේගෙන් ඩ්‍රයිව් කළාට පසුතැවෙන ගමන්. ගංගාවිව වාහනෙන් තියලා අප්පච්චි තාමත් බිම වැටිලා හිටපු ශානිකා ළඟට දුවන් ආවේ එයාව නැගිට්ටවන්න.

"නැගිටින්න පුතේ, බලාගෙන... හෙමීට... අනේ දරුවෝ ඔයාට තුවාල වෙලා-"

"අන්කල් මට අවුලක් නෑ... ගංගාවිව ඉක්මනට හොස්පිටල් අරන් යන්න... එයාගේ ඔලුවත් පැලිලා නේද තිබ්බේ.. මේ ලේ!!!"

"අනේ මං දැන් මොකද කරන්නේ දරුවෝ..."

අප්පච්චි පිස්සුවෙන් වගේ එහා මෙහා බලබල කෑගහද්දි ශානිකා අප්පච්චිව සන්සුන් කරලා හොස්පිටල් යැව්වේ ගංගාවිගේ තත්වේ එච්චර හොඳ නැති නිසා. එයාලා ගිය ගමන් ශානිකා පුළුවන් තරම් වේගෙන් ඉස්කෝලෙට දිව්වේ රන්දිමාව එක්කන් එන්න. දනිස්ස නමද්දි මොනතරම් වේදනා දුන්නත් කොහොමහරි දුවන් ගියේ මොනාවුණත් රන්දිමාට මේ ගැන කියන එක හොඳයි කියලා හිතුන නිසා.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now