05.🌻

441 76 21
                                    

"රත්නත්තරේ පිහිටයි මගේ චූටිට. පරිස්සමට ගිහින් එන්න හොඳේ... ළමයි එක්කම ඉන්න තනියමනම් කොහෙවත්ම යන්න එපා. ඕනි දෙයක් තිබුණොත් මිස්ට කියන්නකෝ"

"හරි අම්මේ..."

ගංගාවි අම්මටයි අප්පච්චිටයි වැඳලා අප්පච්චිත් එක්ක ඉස්කෝලේ යන්න පිටත් වුණා. අද අප්පච්චි එක්ක යන්නේ ගංගාවිට අරන් යන්න ලොකු බෑග් එකක් තියෙන නිසා. එයාලා දවස් දෙකේ ට්‍රිප් එක නිසා පාට ඇඳුමින් යන එක හිතට සහනයක් වුණා, නැත්තන් යුනිෆෝම් එකත් පරිස්සම් කරන්න එපැයි.

"අඩෝ අන්න ගංගාවි එනවා, යකෝ මේකි මාසෙකට නැවතිලා ඉන්නද යන්නේ"

"එකනේ... ඔයාගේ යාළුවා එහෙ ගිහිල්ලත් පොත් කියවන්න ගනියිද දන්නේ නෑ"

"කියන්න බෑ පොත්ගුල්ලෙක්නේ"

ශානිකායි සයුරියි ගංගාවිට අත වන වන කතා කර කර හිටියේ ගංගාවිගේ අප්පච්චි අරන් එන තඩි මල්ල දිහා බලාගෙන.

"මොනාද බං ඕකේ තියෙන්නේ? අනුරාධපුරේ පදිංචි වෙන්නද ලෑස්තිය?"

අප්පච්චි ගියායින් පස්සේ සයුරි ගංගාවිගේ බෑග් එකට එබිකම් කර කර අහන්න ගත්තේ රස කෑමක්වත් තියෙයිද කියලා බලන්න.

"අරුණි මිස් මට සීනි සම්බෝලයක් හදන් එන්න කිව්වනේ... ඒත් එක්කම පරිප්පු මාළුවකුත් අරන් ආවා"

"හපෝ එච්චරද? අපිට මොකුත් නැහ්?"

"තියෙනවා තියෙනවා... අපේ වත්තේ ලොවියි වෙරළුයි ගෙනාවා"

ලොවියි වෙරළුයි මතක් කරද්දි සයුරිගෙයි ශානිකාගෙයි කටට ඉබේම කෙල ඉනුවා. ශානිකාට නම් ගංගාවි දෙයියෙක් වගේ. මොනානැතත් ගංගාවි හෙනම පරාර්ථකාමියි.

"අනෙහ් මයේ සුදු බෝලේ ඔයා මාර හොඳයි අනේ... ඒකට බලන්න අපේ රන්දි, උට වැඩක් කියනවට වඩා හොඳයි නිකන් ඉන්නවා. අපිම කියන්න ඕනි මොකක්හරි කරන්න"

ශානිකා රන්දිමා⁣ ගැන ලවුඩ් ස්පීකර් එකකින් කියනවා වගේ හයියෙන් වර්ණනාවක් කරද්දි මිස් එක්ක ළමයි ගනන් කර කර හිටපු රන්දිමාටත් ඒක ඇහුණා. එයාට එහාපැත්තේ හිටපු අරුණි මිස්ටත් හිනා.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now