04.🌻

476 78 17
                                    

උදේම පන්තියේ කසු කුසුවක්. රන්දිමා වෙනදා විදිහට නැතුව දැන් ගංගාවි එක්කම ඉන්න එක පන්තියේ ළමයිට ලොකු කුතුහලයක් ගෙනාවා. ඒ මදිවට සයුරියි ශානිකායි මොන වෙලේ බැලුවත් අත් පටලගෙන. ඒත් ළමයි හිතුවේ රන්දිමායි ගංගාවියි එකට ඉන්නේ රන්දිමා එයාගේ වැඩ ටික අල්ලගන්න ගංගාවිගෙන් උදව් ගන්න නිසා වෙන්න ඇති කියලා. ඒ කතා මැද්දේ ගංගාවි පන්තියට එද්දි රොත්තට එකතු වෙලා හිටපු ළමයි ඈතට වුණේ එයාට ඇහෙයි කියලා බයට වෙන්නැති. පන්තියේ පිටිපස්සෙම පෝළිමේ ශානිකායි සයුරියි බර කතාවක්. 'මේකිට මං ආවා කියලා වගේ වගක් නෑ' ගංගාවි එහෙම හිතලා සයුරිගේ පිටිපස්සෙන් ගිහින් කනෙන් ඇදලා ගත්තේ සයුරි මරලතෝනි තියද්දි.

"මොකද ඇම්බැට්ටයෝ කනෙන් අදින්නේ. ආව්වා මගේ සූටි කන් පෙත්ත ඉරුනද කොහෙද"

"උඹට මං ආවා කියලා ගානක්වත් නෑ නේ? තව කියෝ කියෝ ඉන්නවා හරියයි තොට"

ගංගාවි මොන දේ කිව්වත් කියන්නේ ශානිකා⁣ට තියෙන අකමැත්තකට නෙමෙයි. ශානිකා හොඳ කෙල්ලෙක් බව ගංගාවි දන්නවා. ඒත් ශානිකා නිසා සයුරිට ගංගාවිව මගෑරෙන එකට එයා ආස කළේ නැහැ.

"කෝ රන්දිමා?"

පොත් ටික අස් කරලා ගංගාවි වට පිට බැලුවේ රන්දිමා ඉන්නවද කියලා බලන්න. ඊයේ රන්දිමා ඇහුවනේ ට්‍රිප් එක යන්න එනවද කියලා. අප්පච්චිගෙන් අවසර ලැබුණා කියන්න රන්දිමාව හෙව්වත් එයා පන්තියේ පේන්නවත් හිටියේ නැහැ.

"එයා ඔෆිස් එකට ගියා. බෙල් එක ගහන්න කලින් එයි"

විනාඩි දහයක් විතර යද්දි රන්දිමා පන්තියට ආවා. ඒත් ඒ මූණේ කිසිම හොඳක් පේන්න තිබුණේ නෑ.

"රන්දි මොකෝ බං මූණ අවුල්? පිනා මොනාහරි කිව්වද?"

රන්දිමා කිසි කතාවක් නැතුව එයාගේ පුටුවෙන් ගිහින් වාඩිවෙද්දි ශානිකා එයා ගාවට ගියේ රන්දිමා සයිලන්ට් වෙන්නේ මොකක්හරි නරක දෙයක් වුණ වෙලාවට නිසා.

"අර වැඳිරි ගිහින් පිනාට කියලා"

"මොකද්ද?"

"මං එදා ගැහුව එක"

"යකෝ!! ඒක පිනාට කියන්න දෙයක්ද බං?"

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now