14.🌻

534 76 17
                                    

මේ වෙනකොට රන්දිමා නම් හිටියේ එයාගේ ඉවසීමේ සීමාවේ උපරිමේටම නැගලා ඒ උපරිමෙත් අග්ගිස්සේ එල්ලි එල්ලි. ශානිකා කියන එක ගනන් ගන්නැතුවම ගංගාවි කතා කරනකන් බලන් හිටපු නිමේෂ්ට ඊළඟට හම්බුණේ කොඳුඇට පේළිය කැඩෙන තරම් හයියෙන් කොන්දට පාරක්.

"බීරෙක්ද ඕයි තමුසේ?"

නිමේෂ්ව අල්ලන් රන්දිමා අහන්න ගත්තේ ආව ආවේගෙටමයි. බලන් ඉන්න කෙනෙක්නම් මේ සීන් එක හෙනම ඩ්‍රාමැටික් විදියට දකීවී. හැබැයි ඒක ඇත්ත! මෙයාලා හැසිරෙන්නේ හරියට එයාලා හින්දි, ටැමිල් ෆිල්ම්ස්වල එනිමීස්ලා කියලා හි⁣තාගෙන වෙන්නැති. එයාලාගේ වාසනාවට ළඟ පාතක සර් කෙනෙක්වත් මිස් කෙනෙක්වත් නෑ ඔක්කොමලා ඔෆිස් එකේ මීටින් එකක.

"රන්දිමා උඹ පැත්තකට වෙයන්... මට තමුන් එක්ක කතාවක් නැහැ, ගංගාවි කියන්නකෝ.... අපි එළියට ගිහින් කතා කරමුද?"

"යන්නේ අර කසිකබල් ලැතරමේද? එයා කොහෙවත් යන්නෑ! තමුසෙට එයාව එක්කන් යන්න ඕනිමනම් ගිහින් එයාගේ තාත්තාගෙන් අහලා එනවා මෙතන අපිට පව් නොදී"

"උඹේ කට වැඩියි රන්දිමා!"

"ඇයි අඩු කරන්නද?"

"ඒක කරන්න බැරිත් නෑ... නේද කොල්ලනේ"

සිරාවටම නිමේෂ් හිතන් ඉන්නේ ඌ මෙතන වැඩ්ඩා කියලද කොහෙද (පොඩි එකාගේ ආසාවනේ) රන්දිමාගේ ටෝන් එක ටිකින් ටික සද්දේ වැඩි වෙද්දි නිමේෂ් එයාව බය කරන්න හිතන් කපටි හිනාවක් දාන් රන්දිමාගේ එක බාහුවකින් අල්ලන් තද කළේ ඊළඟට වෙන දේ ගැන කොහෙත්ම හිතන්නැතුව. පව්....

නිමේෂ් තමන්ව අල්ලනවා දැනිච්ච ගමන් රන්දිමා නිමේෂ් අල්ලන් හිටපු අත නිමේෂ්ගේ අතත් ඇඹරිලා යන්න කරකෝලා අරන් එයාව පිටිපස්ස හරෝලා නිමේෂ්ගේ පිටිපස්සට පයින් ගැහුවේ නිමේෂ් විසිවෙලා ගිහින් පාරෙන් එහාපැත්තේ තිබ්බ ගස්වලින් හැලිලා පාර පුරා විසිරිලා මඩත් එක්ක එකතු වුණ කොළ ගොඩට වැටෙනකොට.

"යමු ගංගා යන්න!"

රන්දිමා ගංගාවිගේ අතින් මුලින්ම තදින් අල්ලලා පස්සේ ආයේත් බුරුලට අල්ලන් එයාව එක්ක ගියේ එයාලගේ පන්තිකාමර තියෙන පැත්තට. ශානිකාත් සාක්කුවේ අත් දාගෙන පැද්දි පැද්දි එයාලා ගාවින්ම ගියේ කිසි සද්දයක් නැතුව.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now