06.🌻

404 74 3
                                    

රෑ⁣ට කෑම කාලා ගොඩක් අය පන්සලේ බෝ මළුවට ගියේ තවත් කට්ටියක් ධර්ම ශාලාවේ නිදාගන්න ලෑස්ති වෙද්දි.

"හම්මටසිරි සහන් සිරාවට?"

"උඹ ඒකිගෙන් කැමැත්ත ඇහුවා? වෙන්න බෑ!"

"ඇයි බං වෙන්න බැරි... දෙන්නා කිරියි පැණියි වගේනේ... පොතුත් කියවනවා, කන්නාඩිත් දානවා"

"අඩෝ අඩෝ එළ ඈ"

සහන්ව වටකරගෙන තවත් කොල්ලෝ ටිකක් හයියෙන් කතා කරනවා ඒ ළඟපාත ඉඳන් රෑ අහස දිහා බලන් හිටපු ගංගාවිට ඇහුණා. මොනතරම් ලැජ්ජාවක්ද... තව ළමයි ගංගාවි දිහා හොරෙන් බලබල කුටුකුටු ගානවත් එයාට ඇහුණා. බැරිම තැන ගංගාවි එතනින් ගියේ එයාගේ යාළුවෝ හොයන්.

ධර්ම ශාලාවේ ටිකක් එළියට වෙන්න හදලා තිබුණ පන්තියක් වගේ තැනක බංකුවක වාඩි වෙලා රන්දිමා ලොකු කල්පනාවකට වැටිලයි හිටියේ.

"රන්දි..."

තමන් ගාවට අඬ අඬා දුවන් එන ගංගාවිව දැක්කම රන්දිමා බයවුණේ කොහෙවත් තුවාල වෙලාද කියලා. පන්සලේ මිදුලේ අහුරලා තියෙන බොරළු කැට ගොඩක් ලොකුයි, වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි ගංගාවි මෙහෙම දුවන් එද්දි. ශානිකායි සයුරියි පේන්න නැති තැන රන්දිමා ඉන්නවා දැකලා ගංගාවි දුවන් ආවේ එයාටවත් බෝ මළුවේදි ඇහිච්ච දේවල් කියලා හිතට ආපු නරක සිතුවිලි නැති කරගන්න.

"මොකද ගංගා? මොකද වුණේ??"

බංකු අතරින් පතරින් රන්දිමා ගාවට ඇවිත් රන්දිමාගේ උකුලේ ඉඳගෙන බෙල්ල වටේ අත් පටලගෙන එයා රන්දිමාට තුරුල් වෙද්දි රන්දිමා හිටි පිළිමයක් වගේ බලන් හිටියේ මොනාද මේ වෙන්නේ කියලා. ගංගාවි කවදාවත් මෙහෙම නැහැ, දුක හිතුනත් මෙහෙම එන්නේ නැහැනේ. අනික මේ පන්සල!

"මොකද වුණේ ම්ම්?"

රන්දිමා ගංගාවිගේ පිට පිරිමදින ගමන් ටිකක් ආදරෙන් ඇහුවම ගංගාවිත් ඉකි ගහන එක ටික ටික නැවැත්තුවා.

"එ-එයාලා... ම්-මට විහි..ළු කරනවා"

"කවුද එයාලා?"

"අර ඉන්නේ නිමේෂුයි එයාගේ යාළුවෝ ටිකයි"

"මොනාද එයාලා කියන්නේ?"

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now