17 🌻

540 69 14
                                    

තවත් මාසයක් විතර යද්දි එයාලට 'ප්‍රශ්න' කියලා තිබුණ ප්‍රශ්න ඉබේම නැතිවෙලා ගියා. එයාලගේ අවධානේ එක එල්ලේ තිබුණේ වාර විභාග වල. මේකෙන් හම්බෙන ප්‍රගතිය එයාලගේ විභාගෙට හුඟක් වටිනවා. ඒ නිසා කිසිම කෙනෙක් මේ අවස්ථාව අතාරින්න සූදානම් වුණේ නෑ. නිමේෂ් නම් නැත්තටම නැති වෙලා ගියා වගේ තමයි. එයාගේ පංති මාරුවීමෙන් පස්සේ එයා හිමිච්චා වගේ කිසිම සද්දයක් නෑ. මං හිතන්නේ එයාට එයාගේ තාත්තාගෙන් මොනවාමහරි දඬුවක් ලැබෙන්න ඇති. මේ මාසේ පුරාවටම රන්දිමාට තවත් බාස්කට්බෝල් සමස්ත ලංකා තරඟ දෙකකට සහභාගි වෙන්න වුණා. එයා නම් නිකන් ගෙදර ආවේ නෑ හැමදාමත් වගේ දිනුම අරගෙනයි ආවේ. (මට විශ්වාසයි ගංගාවි රන්දිමා ගැන හුඟක් ආඩම්බර වෙනවා ඇති)

ආහ් දැන් සයුරියි ශානිකායි ඩේටින්ලු. ඒක වුණේ මෙහෙමයි...
සයුරිටත් ඉතිං තරහා වෙලා කියලා මූණ පුම්බන් ජීවිත කාලෙටම ඉන්න බෑනේ. අනික එයාටත් එපාවෙලා තිබ්බේ එහෙම පැත්තකට වෙලා ඉන්න එක. මොකද එයා ගංගාවි වගේ පොතේම ඇලිලා ඉන්න කෙනෙක් නෙමෙයිනේ. වෙලාවක් අරන් පුංචි ගිෆ්ට් එක්ක එයා ශානිකාව හම්බවෙලා සමාවගත්තා 'මෙච්චර දවසක් තරහා වෙලා හිටපු එකට'!. විනාඩි පහක් යන්න නෑ ආයේමත් ඒ දෙන්නා ඇඟේ ඇලිලා වෙලිලා හිටියා. රන්දිමායි ගංගාවියි ඒ වෙලාවේ ඔලුවේ අත ගහගත්කේ ආයෙත් මල කෝලම් බලන්න වෙන නිසා. හැබැයි ඒක වැඩි කල් ගියේ නැහැ... දවස් දෙකකට පස්සේ ශානිකා එයාගේ ධෛර්ය ඔක්කොම එකතු කරලා ගැටයක් ගහලා සයුරිට කැමතියි කිව්වා. මරුම වැඩේ කියන්නේ සයුරිත් එක පයින්ම කැමති වුණා!
(අද කාළේ ළමයි නම්... හැදෙන්නෙම නෑ!)
හැබැයි එයාලා පරිස්සම් වුණා රන්දිමායි ගංගාවියි ඇරෙන්න වෙන කාටවත් ඒ ගැන දැනගන්න නොදෙන්න. තව අවුරුදු තුනක් කොහොමහරි කාගෙන ඉස්කෝලේ ඉන්න එපැයි. එයාලගේ නම තියාගෙන ඉන්න එක වැදගත් හැමදේටම වඩා. කටකතාවක් පැතිරුනොත් අන්තිමට ඒකට දෙමාපියොත් හවුල් වෙලා තමයි නවතින්නේ... ඒ නිසා ඒ දෙන්නා ඉස්කෝලෙදි වෙනදා වගේ නයි පොළොන්ඟු වගේ වෙලිලා ඉඳලා ඉස්කෝලෙන් පිටදි ඊටත් වඩා වෙලිලා ඉන්න වග බලාගත්තා.

එයාලව පැත්තකින් තියමුකෝ... අද ගංගාවිගේ පහළොස්වෙනි උපන්දිනේ!. හැබැයි අද සෙනුරාදාවක් නිසා ගංගාවිට එයාගේ අතිජාත මිත්‍රයන්ව හම්බෙන්න බැරිවුණා. ගංගාවි දවල් වරුවේ ඇඳට වෙලා පොතක් බලබල ඉද්දි කවුරුහරි හිනාවෙවී අප්පච්චි එක්ක කතා කරනවා ඇහිච්ච නිසා එයා ඒ පැත්තට ගියේ ඒ කවුද බලන්න. හිතුවා හරි, ගංගාවිට දැන් ශානිකාගේ ටින් බෙලෙක්කේ අඳුරගන්න පුළුවන් හොඳටම. ශානිකා ඇවිත් ගංගාවිගේ අප්පච්චි එක්ක මොනාහරි විස්තර කතා කරකර ඉන්නැද්දි ගංගාවි එනවා දැකලා අප්පච්චි හිතා මතාම කතාව වෙනස් කළා.

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now