🏵️🏵️ Arranged Marriage 🏵️🏵️

728 57 2
                                    

💌💌 Chapter 01 💌💌

අද තමයි මගේ වෙඩින් එක.හරි නම් කෙල්ලෙක් එයාගේ ජීවිතේ වැඩිපුරම සතුටින් ඉන්න ඕන දවසක් තමයි එයාගේ වෙඩින් එක කියන්නේ.

ඒත් මට කෝ සතුටක්??....

ඇත්තම කිව්වොත් නමට විතරක් සිද්දවෙන කසාදෙකදි මං කොහොමත් සතුටු වෙන්න ඕන නෑනේ.

ඒත් මං ඇරෙන්න වෙඩින් එකට ඇවිත් හිටපු අය ඔක්කොම සතුටින් වගේ.එයාලා ඇත්තටම සතුටු වෙනවද...එහෙමත් නැත්තං ඒ සතුට මවාපාන එකක්ද කියලා මට හරියටම තේරුම් ගන්න බෑ.

මොකද හැමදාම මං ගෙදර එනකන් මට තඩිබාන්න බලාගෙන ඉන්න මගේ නැන්දත් දත් තිස්දෙකම එලියට පේන්න මුලු ලෝකෙම එයාට හම්බවුනා වගේ සතුටින් හිටියේ.ඔව් ඉතිං...එයා කොහොමත් සතුටු වෙන්න එපැයි.අපි ජීවත් වුනු පරන ලෑලි ගේ වෙනුවට එයාලට ඉන්න අලුත් තට්ටු ගේකුත් හම්බවුනානේ, මගේ කසාදෙට පිංසිද්ධ වෙන්න.

මට එහාපැත්තෙන් හිටියේ අදින් පස්සේ මගේ husband!...නෑ...නමට විතරක් husband කිව්වොත් හරි...

කිම් ටේහ්‍යුන්!..මාමා කියපු විදිහට "Kim Holdings" වල අනාගත උරුමක්කාරයා.කෝටි ගානක් වටින දේපලක අයිතිකාරයෙක් උනාට කකුල් පොලවේ ග/හලා හරියට හිටගන්නවත් බැරි මනුස්සයෙක්.හරිම වචනෙන් කිව්වොත් රෝද පුටුවකට සීමාවෙලා ඉන්න අබ්බගාතයෙක්!

ටේහ්‍යුන් ගොඩක් සතුටින් හිටියේ.සමහර විට එයාගේ සල්ලි බලේ පෙන්නලා මාව කසාද බැඳගත්තා කියන උද්ධච්චකම ගැන එයාට මතක් වෙන හින්දා වෙන්න ඇති..මොකද ඉතිං මොන කෙල්ලද කැමති වෙන්නේ කොච්චර සල්ලි තිබුනත් අබ්බගාතයෙක්ව කසාද බඳින්න?..මගේ දුප්පත්කමට මේ මනුස්සයව කරගහ ගත්තා මිසක.

ටේහ්‍යුන් හිටියේ එයා වගේම වැදගත් පෙනුමක් තිබුනු උස කඩවසම් තරුණ පිරිමි කෙනෙක් එක්ක කතා කරන ගමන්.සමහර විට එයාගේ ලඟම හිතවතෙක් වෙන්න ඇති..එයා හිනාවෙවී කතා කරපු විදිහෙන් මට තේරුනේ එහෙම.

" නාරා!! "

ඒ උස කඩවසම් පිරිමි කෙනා මගේ ලඟට ඇවිත් කතා කරා.

ඕහ්!..එයා මගෙත් නමත් දන්නවද?..

" එහෙනම් ටේහ්‍යුන් එක්ක පරිස්සමින් හොටෙල් එකට යන්න නාරා...ම්ම්...සේජින් හ්යොන්ග්නුත් එනවනේ...මොකක්හරි හදිස්සියක් උනොත් එයාට කියන්න..."

~Bobby~ || KTH ✔️Where stories live. Discover now