🏵️🏵️ Secret Message 🏵️🏵️

263 46 22
                                    

💌💌 Chapter 11 💌💌

--- One week later ---

" Arrrr!! How dare you to cut my call Kim Taehyung!! You stupid alien !! "

තමන් ගත්ත කෝල් එක ටේහ්‍යුන් විසිවෙනි වතාවටත් කට් කරලා දානකොට, නාරා එයාගේ අතේ තිබුනු ෆෝන් එක ඇඳේ පැත්තකට විසිකරලා දැම්මා. නාරා දත්මිටි කනගමන් කොට්ටේ එහාපැත්තේ තිබුනු එයාගේ පිකචු ප්ලශි එකත් පපුවට තුරුලු කරගෙන එහෙමම ඇඳේ වකුටු වුනා.

ටේහ්‍යුන් එයාගේ ජීවිතේ රසම ස්ට්‍රෝබෙරි ජෑම් එක කාපු දවසට පහුවදාම හදිස්සියේ නම්ජුන් එක්ක කැනඩා වලට සති දෙකක business tour එකකට යන්න වුනු නිසා, ටේහ්‍යුන් වගේම නාරා හිටියෙත් ගොඩක් අප්සෙට් එකෙන්..May be both of them want to taste strawberry jam again? Right🤭??..

Business tour එක ගිහින් හරියටම සතියක් යනකන් දවසට පැයකට සැරයක් ටේහ්‍යුන් නාරාට කෝල් කරා. ඒත් අද උදේ ඉඳන් හවස් වෙකන්ම ටේහ්‍යුන් නාරාට කෝල් එකක් තියා message එකක්වත් නොදා.. අඩුම තරමේ නාරා ගන්න කෝල් එකකටවත් answer නොකරපු නිසා නාරා හිටියේ ටිකක් කේන්තියෙන්.

විනාඩි දහයක් පහලවක් ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටපු නාරා, එයා ටිකකට කලින් ඇඳේ පැත්තකට විසිකරලා දාපු ෆෝන් එක අරගෙන ආයෙමත් ටේහ්‍යුන්ට කෝල් එකක් ගත්තා.

How sad..ආයෙමත් ටේහ්‍යුන් නාරාගේ කෝල් එක කට් කරා.

" යාහ්!! කිම් ටේහ්‍යුන්!! You stupid alien!!..I hate you!! I hate you idiot!! "

නාරා ෆෝන් එක දිහා බලාගෙන කෑගහන ගමන්, ෆෝන් එක ආයෙමත් ඇඳේ පැත්තකට විසිකරලා දැම්මා.

" ඔයා මට එච්චරටම hate කරනවද darling? "

මූනත් පුලුටු කරන් ටේහ්‍යුන්ට දෙහි කපන ගමන් හිටපු නාරා, එයාගේ ඔලුව උස්සලා බැලුවේ එකපාරටම කාමරේ දොරකඩ ලඟින් ඇහුනු ගැඹුරු කටහඬේ සද්දෙට.

" ඕහ්! ටේ!! "

දඩිබිඩි ගාලා ඇඳෙන් බිමට පැනපු නාරා දුවගෙන ගිහින් කාමරේ දොරකඩ ලඟ හිටපු ටේහ්‍යුන්ගේ ඇඟේ koala bear කෙනෙක් වගේ එල්ලුනේ, මීට ටිකකට කලින් ටේහ්‍යුන් එයාගේ calls වලට ආන්සර් නොකරපු එකට, ටේහ්‍යුන් ගෙදර ආවට පස්සේ දවස් තුනක් යනකන් ටේහ්‍යුන් එක්ක කතා නොකර ඉන්න හිතන් හිටපු plan එකත් සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now