🏵️🏵️ Forgiving 🏵️🏵️

252 48 12
                                    

💌💌 Chapter 08 💌💌

කුකීලගේ කාර් එක නතර කලේ
" Conrad Hotel " එක ඉස්සරහින්.

මං කුකීයි ඉන්හායි කාර් එකෙන් බැහැලා යනකන් ඉඳලා taxi එකෙන් බැස්සේ taxi driverට සල්ලිත් ගෙවලා. ඒකරලා මං ඇඳන් හිටපු හූඩි එකෙන් ඔලුවත් cover කරගෙන mask එකකුත් දාගෙන, කුකීටයි ඉන්හාටයි නොපෙනෙන්න දෙන්නගේ පස්සෙන් හොටෙල් එක ඇතුලට ආවා.

කුකී reception එකෙන් එයාලට room එකක් book කරලා, room එකේ key එකත් අරගෙන lift එක පැත්තට යනකොට මාත් හොරෙන්ම ඒ දෙන්නගේ පස්සෙන් ඇවිත් බිම බලාගෙනම ලිෆ්ට් එකට නැඟ්ගා.

මං හූඩි එකෙනුයි, මාස්ක් එකෙනුයි මූන හොඳටම cover කරගෙන හිටපු නිසා ඒ දෙන්නට කොහොමවත් මාව අඳුරගන්න පුළුවන් වුනේ නෑ.

ලිෆ්ට් එක එයාලා බහින floor එකෙන් නැවතුන ගමන් මං ඒ දෙන්නා බහින්නත් කලින් ඉක්මනට ලිෆ්ට් එකෙන් බැහැලා, rooms තිබුනු කොරිඩෝ එක දිගේ ගිහින් බිත්තියකට මුවා වෙලා බලන් හිටියේ කුකියි ඉන්හායි ඇතුලට ගියපු room එකේ number එක දිහා.

ඒ දෙන්නා room එකට ගිහින් දොර වහගන්නවත් එක්කම මං ඉක්මනට ආයෙමත් ලිෆ්ට් එකෙන් පහලට ගියා. ඒ ගිහින් මං reception area එක පැත්තෙන් room boy කෙනෙක්ව හොයාගෙන, කොල්ලට පොඩි tip එකකුත් දීලා එයාවත් එක්කගෙන ආවේ ආයෙමත් කුකීලා හිටපු room එක ලඟට.

" Excuse me sir! පොඩ්ඩක් දොර අරින්න පුළුවන්ද?..Special room service එකක් තියෙනවා සර්ලගේ room එකට! "

room boy කුකීලා හිටපු room එකේ දොරට තට්ටු කරලා, මං කියන්න කියපු විදිහට කිව්වා. Room boy කීප සැරයක්ම එකදිගට දොරට තට්ටු කරලා කතා කරා.

" මොන වදයක්ද අයිසේ?? අපිට ඕන room service එකක් නෑ මෙත___ "

මූනත් රතු කරන් shirt එකේ buttons දාගන්න ගමන් කෑගගහා දොර ඇරපු, ජන්කුක්ගේ ඇස් ලොකු වුනේ room boyට පිටිපස්සෙන් හිටපු මාව දැක්කම.

Room boy මුකුත් නොකියා එතනින් එලියට යද්දි, මං කුකීගේ උරහිසෙත් වැදීගෙන room එක ඇතුලට ආවේ කුකී දොර ලඟම හිටගෙන මගේ දිහා ගල්වෙලා වගේ බලාගෙන ඉද්දි.

මං room එක ඇතුලට එද්දිම වගේ ඇඳට වෙලා හිටපු ඉන්හා, බයවෙලා වගේ ඇඳෙන් බිමට බැස්සේ එයාගේ අවුල් වෙලා තිබුනු කොන්ඩෙත් අතින් හදාගන්න ගමන්.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now