🏵️🏵️ Bond 🏵️🏵️

378 53 36
                                    

💌💌 Final Chapter 💌💌

වෙලාව පාන්දර එකට කිට්ටු වෙලා තිබුනත් ඇඳේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි හිටපු නාරාට නින්ද අහලකටවත් ඇවිත් තිබුනේ නෑ. තමන් කොහොමද ඉයුන් තමන්ගේ ලඟ නැති දවස් ගාන මෙච්චර අමාරුවෙන් ගෙවලා දැම්මා නම් තවත් අවුරුදු ගානක් ඉයුන් නැතුව ජීවත් වෙන්නේ?..

නාරා අඬ අඬාම කල්පනා කරා. නාරාට දැනුනේ තමන්ගේ මුලු හිතම පිච්චිලා යන තරම් වේදනාවක්.

ටේහ්‍යුන් කවදාහරි ඉයුන් ගැන දැනගත්තම තමන් එක්ක කේන්ති ගනීවි කියලා නාරා දැනගෙන හිටියත් ඉයුන්ව තමන්ගෙන් ඈත්කරන තරමටම ටේහ්‍යුන් නපුරු වේවි කියලා නාරා හිතුවේ නෑ.

තවත් පැයක් විතර ඇඳ උඩ වාඩිවෙලා කල්පනා කරපු නාරා එයාගේ කම්මුල් වල තිබුනු කඳුලු අත්ලෙන් පිහිදගත්තා. එහෙමම නාරා ඇඳ ලඟ nightstand එක උඩ තිබුනු එයාගේ ෆෝන් එක අරගෙන වෙව්ලන ඇඟිලි තුඩුවලින් ඩයල් කරේ ටේහ්‍යුන්ගේ නම්බර් එක.

" කියන්න නාරා! "

ටේහ්‍යුන් තමන්ගේ කෝල් එක ආන්සර් කරන්නේ නැතිවෙයි කියලා නාරා හිතුවත් ටේහ්‍යුන් ring එකක් යද්දිම නාරාගේ කෝල් එක ආන්සර් කරා. අඩුම තරමේ නාරාට සිහියක් තිබුනේ නෑ එයා ටේහ්‍යුන්ට කෝල් කරේ පාන්දර දෙකට කියලාවත්.

" ට්...ටේහ්‍යුන්..ම්ම්..මේ..මේ ඔයාලා මෙහෙන් යන flight එක කීයටද තියෙන්නේ? "

නාරා එයාගේ කටින් පිටවෙන්න හදන ඉකිය අමාරුවෙන් හිරකරගෙන ටේහ්‍යුන්ගෙන් ඇහුවා.

" උදේ දහයට "

ටේහ්‍යුන් හැඟීමක් නැති කටහඬකින් උත්තර දුන්නා.

" මට..මට ඉයුන්ට දෙන්න දෙයක් තියෙනවා..ඒ හින්දා ම..මං ඔයාලව බලන්න airport එකට ආවට ක..කමක් නැද්ද? "

නාරා වෙව්ලන කටහඬකින් අැහුවම ටේහ්‍යුන්ගේ හිතට නාරාගේ වචනත් එක්ක මහ බරක් දැනුනා.

" ඒකට කමක් නෑ. ඔයා එන්න.."

ටේහ්‍යුන් තමන්ගේ කටහඬේ වෙනසක් නොකරම කිව්වා.

" හ..හරි මං එන්නම්. T..Thank you ටේහ්‍යුන්.."

නාරා එයාගේ අැස්වලින් ආයෙමත් අලුත් වෙවී වැටුනු කඳුලු බිංදු අතින් පිහදාන ගමන් කිව්වා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now