🏵️🏵️ Crazy Alien 🏵️🏵️

300 48 0
                                    

💌💌 Chapter 02 💌💌

මං හිටියේ ටේහ්‍යුන් එක්ක කාර් එකේ කලින් දවසේ කිම් මහත්තයා company එකේ ලෑස්ති කරලා තියෙනවා කියපු board meeting එකට යන ගමන්. ටේහ්‍යුන් හිටියේ කාර් එකට නැඟපු වෙලාවේ ඉඳන් පොතක් කියවන ගමන්.

ලොකු දෙයක් ඒක.මොකද මං හිතන විදිහට ටේහ්‍යුන් සද්ද නැතුව ඉන්නේ පොත් කියවන වෙලාවට විතරයි.නැත්තම් අනිත් හැම වෙලාවකම වගේ එයා කියන මෝඩ කතා වලින් මගේ කන් පිරිලා තියෙන්නේ.

" Space Travels "

ටේහ්‍යුන් කියව කියව හිටපු පොතේ තිබුනේ ඒ නම.මට මතකයි කලින් දවස් ටිකෙත් හොටෙල් එකේ ඉන්නකොටත් එයා ඒ පොත කියෙව්වා කියලා.

සමහර විට ටේහ්‍යුන් Astronomy වලට කැමති අැති.කොහොමත් ටිකක් විතර පිටසක්වල පෙනුමක් තමයි එයාට තියෙන්නේ.

හැබැයි ටේහ්‍යුන් අද company එකට යන්න ලෑස්ති වෙලා ඉන්න විදිහට නම් එයාගෙන් පේන්නේ මාර professional look එකක්.ඇත්තටම එයාගේ අද පෙනුම CEO කෙනෙක්ගේ වගේම තමයි.

ටේහ්‍යුන් හිටියේ black colour දිග කලිසමකට white colour shirt එකක් ඇඳලා ඒකට උඩින් black colour blazer එකක් දාලා, වෙනදට එයාගේ නලලට වැටිලා තියෙන කොන්ඩේ උඩට කරලා පැත්තට වෙන්න ජෙල් කරලා.මොනවා වුනත් ඒ විදිහට ඉද්දි නම් ටේහ්‍යුන් ගොඩක් handsome. Wheel chair එකක් එක්ක දැක්කේ නැත්තම් එයා disable කෙනෙක් කියලා කියන්න බැරි තරමටම එයාගේ features perfect කියලා මට හිතුනා.

🗨️: අාහ්ම්! ආහ්ම්!...ම්...මේ...ටේහ්‍යුන්!

විනාඩි දෙක තුනකට විතර පස්සේ මං උගුර පාදලා ටේහ්‍යුන්ට කතා කරා.

🐯: ඔව්..කියන්න බොබී!

ටේහ්‍යුන් එයා කියව කියව හිටපු පොතත් වහලා දාලා හිනාවෙලා මගේ දිහා බැලුවා.

🗨️: මේ...අර...අර ඔයාගේ නම්ජුන් හ්යොන්ග් කියන කෙනා...එයා...එයා ඇත්තටම ගොඩක් සැරයිද?

මං අත්වල ඇඟිලිත් පොඩිකරන ගමන් ටේහ්‍යුන් දිහා හොරෙන් බලන ගමන් අහනකොට එයා ආයෙමත් හිනාවුනා.මොකද ඊයේ නම්ජුන් කෑම මේසෙදි හැසිරුනු විදිහට අද තියෙන board meeting එකේදිත් මොකක්හරි කලබලයක් කරයි කියලා හිතුන නිසයි මං ටේහ්‍යුන් ගෙන් එහෙම ඇහුවේ.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now