🏵️🏵️ Suffering 🏵️🏵️

310 51 30
                                    

💌💌 Chapter 14 💌💌

~~ Next Day ~~

--- Nara's POV ---

" බයවෙන්න එපා Mrs.නාරා දරුවා හොඳින්..මං විටමින්ස් ටිකකුත් ලිව්වා..ඒවා බබා හම්බවෙනකන්ම ගන්න. "

" Thank you doctor! "

ඩොක්ටර් මගේ reports බලලා එහෙම කියද්දි තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මගේ හිතේ තව ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබුනු නිසා මං අත්වල ඇඟිලිත් පොඩිකරන ගමන් ඩොක්ටර් දිහා බැලුවේ ඒ ප්‍රශ්නේ අහනවද නැද්ද කියලා හිතන ගමන්.

" ඩොක්ටර්...මේ...මං...මං ප්‍රෙග්නට් නිසා___"

" මට තේරෙනවා Mrs.නාරා තාම ඔයා ප්‍රෙග්නට් වෙලා වැඩි කාලයක් නැති නිසා ඔයාලා දෙන්නට මාස පහක් හයක් යනකන් sex කරාට ප්‍රශ්නයක් නෑ..හැබැයි වෙනදට වඩා ටිකක් පරිස්සම් වෙන එක තියෙන්නෙත් ඔයාලා දෙන්නගේ අතේම තමයි "

ඩොක්ටර් හිනාවෙලා මං දිහායි, මට එහාපැත්තෙන් වාඩිවෙලා හිටපු සනී දිහායි බලලා කිව්වේ සනී මගේ හස්බන්ඩ් කියලා හිතලා වෙන්න ඇති.

යුනි එකේ ලෙක්චර්ස් ඉවර වුනු ගමන්ම මං සනීවත් අඬගහගෙන medical center එකකට ඇවිත් මගේ checkups වගයක් කරගත්තේ බබාගේ condition එක කොහොමද කියලා දැනගන්න.

මොකද කලින් දවසේ රෑ එලිවෙනකන් ටේහ්‍යුන් මාත් එක්ක හිටපු හැටි මතක් වෙද්දිත් මට හිතුනෙම දරුවා මාව දාලා යන්න ඇති කියලා. ඒත් මගේ වෙලාවට එහෙම වෙලා තිබුනේ නෑ.

" නාරා මං නම් කියන්නේ ඔයාට ටේහ්‍යුන්ට පුළුවන් තරම් ඉක්මනට දරුවා ගැන කිව්වොත් හොඳයි කියලා..එහෙම නැති උනොත් කල් යද්දි ඕක ලොකු ප්‍රශ්නයක් වෙයි. "

ඩොක්ටර්ත් එක්ක කතා කරලා room එකෙන් එනකොටම වගේ සනී කිව්වේ මගේ දිහා බැරෑරුම් විදිහට බලලා.

" හ්ම්..මං දන්නවා සනී..ඒත් ඔයා හිතනවද ටේහ්‍යුන් දරුවා ගැන දැනගත්තත් එයා දැන් ඉන්න තත්වෙත් එක්ක මට හොඳින් සලකාවි කියලා? එහෙම සැලකුවත් සමහරවිට මගෙන් පලිගන්න දරුවා හම්බවුනාට පස්සේ එයාට දරුවා දීලා මට යන්න කියාවි..එහෙම උනොත් මං මොකද කරන්නේ සනී? මං කොහොමද ඒ දෙන්නව දාලා යන්නේ? "

~Bobby~ || KTH ✔️Where stories live. Discover now