🏵️🏵️ Is this the End? 🏵️🏵️

252 48 21
                                    

💌💌 Chapter 18 💌💌

" රො...රොකට් අන්කල්! "

ඉයුන්ගේ බෝල ඇස් ලොකුවුනේ එකපාරටම ටේහ්‍යුන් ඇවිත් ඉයුන්ව බදාගත්තම. විනාඩියක් දෙකක් ගතවෙලා යනකන්ම ටේහ්‍යුන් වචනයක්වත් නොකියා හෙලවෙන්නේ නැතුව ඉයුන්ව තදකරලා බදාගෙන හිටියා.

ටේහ්‍යුන්ගේ පපුව වේගෙන් ගැහෙන සද්දේ ඉයුන්ට ගොඩක් හොඳට ඇහුනා.

" පපා! "

ටේහ්‍යුන් ඉයුන්ව තමන්ගේ තුරුලෙන් ටිකකට ඈත්කරලා ඉයුන් දිහා බලාගෙන කිව්වා.

" ආහ්? "

ටේහ්‍යුන් කියපු දේ තේරුම් ගන්න බැරුව ඉයුන් බබා pout face එකකුත් හදාගෙන එයාගේ bambi eyes වලින් ටේහ්‍යුන් දිහා බලන් හිටියා.

" මට පපා කියලා කතා කරනවද බේබි? "

ටේහ්‍යුන් එයාගේ ඇස්වල හිරවෙලා තිබුනු කඳුලු ඇස් අස්සේ හංඟගෙනම ලාවට හිනාවෙන ගමන් ඉයුන්ට කිව්වා.

" පපා? "

ඉයුන් ඇස් හීනිකරලා ප්‍රශ්නාර්ථ බැල්මකින් ටේහ්‍යුන් දිහා බැලුවා.

" යෙස් බේබි..කෝල් මී පපා! "

ටේහ්‍යුන් ඉයුන්ගේ soft cheek එකක් එයාගේ මාපට ඇඟිල්ලකින් පිරිමදින ගමන් කිව්වා.

" ඒත්..මට පපා කෙනෙක් ඉන්නෝනේ.."

ඉයුන් කට උල්කරන් කියද්දි ටේහ්‍යුන්ගේ හිත ආයෙමත් වේදනා දුන්නා.

" ඒ ඔයාගේ ඩැඩානේ..මං ඔයාගේ පපා..සෝ ඔයාට දැන් ඩැඩා කෙනෙකුයි පපා කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා..ඒ හින්දා අද ඉඳන් මං තමයි ඔයාගේ පපා..ඕකේ බේබි? "

ටේහ්‍යුන් හිනාවෙලා ඉයුන්ගේ chubby cheek එකක් මිරිකලා අහද්දි ඉයුන්ගේ මූනෙත් ටේහ්‍යුන්ගේ මූනේ වගේම ලස්සන පෙට්ටි හිනාව මතුවුනා.

" ඕකේ පපා! හුරේ!! මට දැන් පපාලා දෙන්නෙක්ම ඉන්නෝ!! "

ඉයුන් හිනාවෙවී එහෙම කියන ගමන් උඩ පනිද්දි ටේහ්‍යුනුත් හිනාවෙලා ඉයුන්ව වඩාගෙන ඉයුන්ගේ මූන පුරාම හාදු ගොඩක් තිබ්බා.

" සෝ...අපි එහෙනම් දැන් පපාගේ ගෙදර බලන්න යමුද බේබි?..ම්ම්?..පපාගේ ගෙදර තව toys ජාති ගොඩක් තියෙනවා ඔයාට පෙන්නන්න..බේබි එනවද පපා එක්ක යන්න? "

~Bobby~ || KTH ✔️Where stories live. Discover now