🏵️🏵️ Pikachu 🏵️🏵️

257 51 11
                                    

💌💌 Chapter 04 💌💌

ටේහ්‍යුන්ගේ අර යාලු කොට ලේක්චර්කාරයා ඇවිත් ගිහින් දැන් මාසෙකටත් කිට්ටුයි. ඒ මනුස්සයා ගියපු දවසේ ඉඳන් මට වුනේ දවසෙම ටේහ්‍යුන්ගේ අර මෝඩ කතා අහන් ඉන්න.

සමහර දවස්වලට ටේහ්‍යුන් කියන දේවල් මට හීනෙනුත් පේනවා. මාලුවෝ වාහන එලවනවා, කුරුල්ලෝ boxing ගහනවා...තව ඒලියන්ස්ලා ඇවිත් අපේ ගෙදර රෙදි හෝදලා දෙනවා වගේ බහුබූත හීන තමයි මට පෙනුනේ.

ටේහ්‍යුන් සෝල් වල තියෙන එයාලගේ main shopping mall එකේ මාත් එක්ක සතියකට වතාවක් වැඩ බලන්න යන්න පුරුදු වෙලා හිටියා. අදත් මං හිටියේ එයාගේ wheel chair එකත් තල්ලු කරගෙන shopping mall එක වටේ ඇවිදින ගමන්.

මේකේ වැඩ කරන staff එකත් ටේහ්‍යුන්ට ගොඩක් කැමතියි. මෙහෙට එන හැම දවසකම වගේ mall එකේ වැඩකරන සේවකයෝ හැමෝටම කන්න මොනවාහරි පොඩි දෙයක් ටේහ්‍යුන් අරන් එනවා. ඒ ඇවිත් එයාගේ අතින්ම ඒවා බෙදලා දීලා, mall එකේ වැඩ බලන එක කෙසේ වෙතත් කට්ටියත් එක්ක පැය ගානක් කයිය ගහලා තමයි ආයේ එලියට එන්නේ.

මගේ වැඩේ ඉතිං එ් මනුස්සයා staff එකේ කට්ටියත් එක්ක ඕපදූප ටික කතා කරලා ඉවරවෙනකන් පැත්තකට වෙලා බලන් ඉන්න එක.


🐯: බොබී!

🗨️: මේ එනවා ටේහ්‍යුන්!

අපි හිටියේ shopping mall එකේ පොඩි ලමයින්ගේ toys වලට වෙන්වෙලා තිබුනු floor එකේ.

🐯: ආ! මෙයාවත් ඔයාගේ කබඩ් එකෙන් තියාගන්න...

ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාවත් දාගෙන මට දිග්කරේ "Pikachu" plushy එකක්.

ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාවත් දාගෙන මට දිග්කරේ "Pikachu" plushy එකක්

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

🗨️: අයියෝ! ටේහ්‍යුන්!...ඔයා මට ගිය සතියෙත් එක්කෙනෙක්ව අරන් දුන්නනේ...අනිත් එක දැන් මගේ කබඩ් එකේ ඉඩක් නෑ තව අලුත් කෙනෙක්ට...

~Bobby~ || KTH ✔️Waar verhalen tot leven komen. Ontdek het nu