🏵️🏵️ Hurting 🏵️🏵️

284 48 5
                                    

💌💌 Chapter 13 💌💌

--- Nara's POV --

~~ One Month Later ~~

එදා ටේහ්‍යුන් අන්තිමට මට කෑගහලා ගෙදරින් ගියපු දවසේ ඉඳන් අද වෙනකන්ම උදේට කම්පැනි එකට ගිහින්, ආයෙමත් පාන්දරට කිට්ටු කරලා ගෙදර එන්නේ හිටගන්නවත් බැරි තරමට බීලා. ඒ දවසේ ඉඳන් මට ටේහ්‍යුන් එක්ක වචනයක් කතා කරන්න තියා අඩුගානේ එයාගේ මූනවත් හරියට දකින්න හම්බවුනේ නැත්තේ එයා මාව දිගටම මඟඅරින නිසා.

එදායින් පස්සේ ටේහ්‍යුන් මට වචනයක්වත් කියලා බැන්නේවත් නෑ. කොටින්ම කිව්වොත් එයා ජීවත් වුනේ මං කියලා කෙනෙක් කිම් මැන්ෂන් එකේ හිටපු නැති ගානට.

මීට සති දෙකකට කලින් තිබුනු ජිමින්ගේ වෙඩින් එකට ජිමින් මටත් invite කරලා තිබුනත්, ටේහ්‍යුන් ඒකටවත් මාව එක්කන් ගියේ නෑ. ඊටත් සතියකට පස්සේ ජිමිනුයි, සොෆීයි ආයෙමත් US යනවා කියලා ජිමින් මට කෝල් කරලා කිව්වා.

ජිමින් කීප වතාවක්ම ටේහ්‍යුන් එක්ක අපේ ප්‍රශ්නේ ගැන කතා කරන්න හැදුවත්, ටේහ්‍යුන් ජිමින් එක්කත් කතා කරන එක නවත්තලා දාලා කියලා තමයි ජිමින් මට කිව්වේ.

කිම් මහත්තයත් එදා board meeting එක දවසේ ටේහ්‍යුන්ට කම්පැනි එක සම්පූර්ණයෙන්ම බාරදීලා, ලන්ඩන් වල ඉන්න එයාගේ නංගි ලඟට ටික කාලෙකට ගිහින් හිටපු නිසා, ටේහ්‍යුන් මෙච්චර රෑ වෙලා ගෙදර එන එකටවත් කෑගහන්න කවුරුවත් හිටියේ නෑ.

ටේහ්‍යුන් මාත් එක්ක රන්ඩු උනදාට පහුවදා ඉඳන් මාව කම්පැනි එකට එක්කන් යන එකත් නතර කරලා දැම්මා. ටේහ්‍යුන් එදා මාව ගෙදර දාලා ගියාට පස්සේ මං ඔෆිස් එකට ගිහින් බලද්දි, මං හිටපු ටේබල් එකේ හිටියේ ජීහු. ටේහ්‍යුන් ඒකිව එයාගේ assistant විදිහට අරගෙන.

ඉතිං එදායින් පස්සේ මං කම්පැනි එකේ වැඩට යන එකත් නතර කරලා දැම්මේ, ටේහ්‍යුන් මාව කම්පැනි එකේදි දකින්න අකැමැතියි කියලා මට තේරුනු නිසා.

මං දන්නවා ටේහ්‍යුන් තාමත් ඉන්නේ මාත් එක්ක කේන්තියෙන් කියලා. ඒත් ටේහ්‍යුන් මං කොහොමද ඔයාට තේරුම් කරන්නේ මේ සැරේ මං ඔයාව රැවැට්ටුවේ නෑ කියලා..මං ඔයාට ඇත්තටම ආදරෙයි කියලා..

~Bobby~ || KTH ✔️Where stories live. Discover now