🏵️🏵️ Confession 🏵️🏵️

276 46 22
                                    

💌💌 Chapter 09 💌💌

" තේහියි ඉයුනුයි මැරි කරලා ගියාට පස්සේ Tokyo වලින් අපේ world tour එක පටන් ගමු නේද බොබී? "

ටේහ්‍යුන් ඇහුවේ ඇඳට වෙලා උන්න නාරාව එයාට තවත් තුරුලු කරගන්න ගමන්.

නාරා හවස් වරුවේ කරන්න ගියපු ලොකු වීරක්‍රියාවෙන් පස්සේ තෙමිච්ච කුකුල්ලු දෙන්නෙක් වගේ කිම් මැන්ෂන් එකට ආපු නාරායි ටේහ්‍යුනුයි ජෝඩුව රෑ කෑමත් අරන් ඉවර වෙලා, නිදාගන්න ඇඳට ආපු වෙලාවේ ඉඳන් පැයක් විතර තිස්සේ ටේහ්‍යුන්ගේ වැඩේ නාරාත් එක්ක එකතු වෙලා ඒ දෙන්නගේ අනාගතේ plan කරන එක.

දැන් ඔය ටේහ්‍යුන් කතා කරන්නේ එයාලා දෙන්නගේ අනාගත බබාලා දෙන්නා මැරිකරලා ගියාට පස්සේ ඒ දෙන්නා ඇවිදින්න යන්න ඉන්න තැන් ගැන.

🗨️: හ්ම්..එහෙම කරමු ටේ.

නාරාත් හිනාවෙන ගමන්ම ටේහ්‍යුන්ගේ පපුව අස්සට වෙලා, ටේහ්‍යුන් එයාට ගෙනැත් දීලා තිබුනු පිකචු කෙනෙක්වත් තුරුලු කරගෙනම උත්තර දුන්නා.

නාරා plushies වලට අකැමැතියි කියලා කෑගැහුවට මොකද ටේහ්‍යුන් එයාට plushies අරන් දීපු දවසේ ඉඳන්ම එයා පිකචු කෙනෙක්ව තුරුලු කරගෙන නින්දට යන්න පුරුදු වෙලා හිටියා. කොටින්ම කිව්වොත් නාරාට එයාගේ soft plushy එක එයාගේ ලඟින් තිබ්බේ නැත්තන් නින්ද යන්නේ නැති තරමටම පිකචු plushy එක නාරාව එයාට වශී කරගෙන තිබුනා.

🐯: අපි Tokyo වලින් පස්සේ Rio වලට යමු නේද බොබී?

ටේහ්‍යුන් ආයෙමත් එයාගේ කතා පෙට්ටිය දිග ඇරියා. ඒත් ඉස්සෙල්ලා වගේ ටේහ්‍යුන්ගේ ප්‍රශ්න වලට උත්තර දීපු චූටි කටහඬ එයාට ඇහුනේ නෑ. ඒ වෙනුවට පූස් පැටියෙක් හිමීට ගොරවන සද්දයක් ටේහ්‍යුන්ට එයාගේ පපුව ලඟින් අැහුනා.

How cute??..ටේහ්‍යුන්ගේ බොබීට එයාගේ පිකචූවත් තුරුලු කරගෙනම හොඳට නින්ද ගිහින්. ටේහ්‍යුන් නාරා දිහා කටින් පනින්න හදන හිනාවත් තදකරගෙන තත්පර කීපයක් බලන් ඉඳලා, නාරගේ නලලට ලොකු kiss එකකුත් දුන්නා.

ඒත් එක්කම ටේහ්‍යුන් නාරාගේ චූටි අත් අස්සේ හිරවෙලා තිබුනු පිකචු plushy එකත් අැඳේ කෙලවරකට අයින් කරලා දාලා, එයාගේ පපුවට නාරාව තවත් තදින් තුරුලු කරගෙන නින්දට වැටුනා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now