🏵️🏵️ Jealousy 🏵️🏵️

308 45 26
                                    

💌💌 Chapter 10 💌💌

" ජීහුයා ඔයා කවද්ද කොරියාවට ආවේ? "

ටේහ්‍යුන් හිනාවෙන ගමන් අර ජීහු කියන කෙල්ල ලඟින් අයින් වෙලා ඇහුවා.

" ඊයේ හවස ආවේ ඔප්පා..ඔයාට දැන් සනීපයි නේද?..මට අප්පත් කිව්වා..කොච්චර දෙයක්ද..."

ජීහු ටේහ්‍යුන්ගේ අත්දෙකෙන්ම අල්ලලා හොලවන ගමන් හිනාවෙවී කිව්වා.

🐯: ඔව් ජීහුයා..මගේ බොබී නිසා තමයි ඉතිං..

ටේහ්‍යුන් බෙල්ල පිටිපස්සත් කසන ගමන් කියලා එයාගේ එහාපැත්තට වෙලා හිටපු මගේ ඉනෙන් අත දාලා, එයාගේ ලඟට ඇදලා අරන් මාව ඇස් වලින් ජීහුට පෙන්නලා හිනාවෙවී කිව්වා.

" ඕහ්! "

ජීහු එතකොටයි මාව දැක්කේ.

🐯: අැයි මං ඔයාට අපේ වෙඩින් එකේ ෆොටෝස් එව්වේ..එයා ෆොටෝස් වලට වඩා ගොඩක් ලස්සනයි නේද? "

ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාවත් දාලා කිව්වේ මගේ කම්මුලකුත් kiss කරන ගමන්.

🗨️: ටේ!

මං ටේගේ අතට වැලමිටෙන් අනින ගමන් හිමීට කිව්වේ ටේ කරපු වැඩෙන් මගේ කම්මුල් දෙකම රත්වීගෙන එනවා වගේ දැනෙද්දි..මෙයාට නම් ගානක්වත් නෑ පිට මනුස්සයෙක් මෙතන ඉන්නවා කියලා. හොඳට හිනාවෙවී ඉන්නවා😑.

👜: ආහ්..ම්..ඔ..ඔව් ඔප්පා..එයා ලස්සනයි තමයි.

ජීහු හිනාවෙවී ටේහ්‍යුන්ට කිව්වත් එයාගේ මූනේ තිබුනේ මවාගත්ත හිනාවක් කියලා ජීහු දිහා බලන් ඉද්දි මට හිතුනා.

🐯: ඒකනේ..ආහ්! මට කියන්න බැරි උනානේ! බොබී මේ ඉන්නේ ජීහු!..මගේ සම්චොන්ගේ දුව..එයා US වල ඉගෙනගන්න ගිහින් හිටියේ..මං හිතන්නේ එයා ඔයාට වෙන්නේ ඔන්නි..ඔයාට වඩා අවුරුදු තුනක් වැඩිමල් එයා..ජීහු නම් ඔයා ගැන දන්නවා...මං එයාට ඔයා ගැන විස්තර කියලා තියෙන්නේ.

ටේහ්‍යුන් හිනාවෙලාම ජීහුව මට අඳුන්වලා දෙද්දි ජීහු ආයෙමත් අර බොරු හිනාව දාලා මාත් එක්ක හිනාවුනා.

ටේහ්‍යුන් හිනාවෙලාම ජීහුව මට අඳුන්වලා දෙද්දි ජීහු ආයෙමත් අර බොරු හිනාව දාලා මාත් එක්ක හිනාවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~Bobby~ || KTH ✔️Where stories live. Discover now