🏵️🏵️ The Mask 🏵️🏵️

297 48 20
                                    

💌💌 Chapter 06 💌💌

--- 02 weeks later ---

මායි, ටේහ්‍යුනුයි හිටියේ කිම් මහත්තයත් එක්ක මේසෙට වෙලා breakfast ගන්න ගමන්. ජිනුයි, නම්ජුනුයි හැම සතියකටම පාරක් කිම් මැන්ෂන් එකට කෑමට එන නිසා ඒ දෙන්නත් අපිත් එක්ක breakfast ගන්න ගමන් හිටියේ.

මායි, ටේහ්‍යුනුයි, ජිනුයි සද්ද නැතුව කෑම ගත්තත් නම්ජුනුයි කිම් මහත්තයයි නම් එයාලගේ company එක ගැන ලොකු කතාවක හිටියේ.

එයාලා කතාවුනු විදිහට නම් මේ සතියෙත් එයාලට abroad වලින් ලැබෙන්න තිබුනු deal එකක් cancel වෙලා JK Holdings වලට ගිහින්.

ඇත්තටම එදා award ceremony එකේදි ජන්කුක්ව දැක්කම මට හිතාගන්න බැරිවුනා ඒ හිටියේ මගේ පරන කුකීමද කියලා. මොකද එයා ඒ ගෙවිලා ගියපු ටික කාලෙට සෑහෙන්න වෙනස් වෙලයි හිටියේ.

ඒ අැරත් මෙච්චර ටික කාලෙකින් Kim Group එකත් පහුකරලා යන්න තරම් එයා success වුනු විදිහ මට තාමත් හිතාගන්න බෑ.

ඒත් මට ඇත්තටම සතුටුයි...ඔව්...ගොඩක්...මොකද කුකී කියන්නෙත් මං වගේම පොඩි කාලේ ඉඳන්ම සල්ලි ප්‍රශ්න නිසා ගොඩක් දුක්විඳපු කෙනෙක්. ඉතිං එයා මං ලඟ නැතිවුනත් එයා අද ඉන්න තැන ගැන මට ඇත්තටම සතුටුයි.

🐨: දැන් දැක්කනේ අප්පා company එකට වෙලා තියෙන දේ!!...ඕක නිසා තමයි මං අප්පට කිව්වේ ටේට CEO post එක දෙන්න කලින් කල්පනා කරලා බලන්න කියලා!!

නම්ජුන් කිම් මහත්තයත් එක්ක කතා කරන සද්දෙටයි කුකී ගැන හිත හිත හිටපු මං කල්පනාවෙන් මිදුනේ.

🧔: Just mind your words Namjoon!!...ඒ දරුවා මොනවා කරන්නද අපේ කම්පැනි එකට ලැබෙන්න තිබුනු deals ටික reject වුනු එකට!!

🧔: ඔයා හොඳටම දන්නවා ටේ එයාගේ තත්වේ ගැනවත් හිතන්නේ නැතුව පහුගිය දවස් ටිකේ කම්පැනි එක වෙනුවෙන් කොච්චර මහන්සි වුනාද කියලා!!..එහෙම එකේ හැමදේකටම මෝඩයෙක් වගේ කෑගහන්න එපා නම්ජුන්!!

කිම් මහත්තයා නම්ජුන්ට කෑගහලා කියද්දි මං ඒ දෙන්නා දිහා බැලුවත්, ටේහ්‍යුනුයි ජිනුයි නම් පුරුදු විදිහටම පිඟානට මූන හරවගෙන කෑම කන ගමන් හිටියේ.

ඔව්...කොහොමත් නම්ජුන්ගෙයි, කිම් මහත්තයාගෙයි රන්ඩු කිරිල්ල මෙහාට අලුත් දෙයක් නෙමෙයිනේ. කෑම මේසෙට එකතු වෙන දවසට නම්ජුන්ගේ වැඩේ කම්පැනි එකේ මොකක්හරි මඟුලක් අල්ලගෙන කම් මහත්තයත් එක්ක රන්ඩුවක් ඇදගන්න එක.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now