🏵️🏵️ Ex Again?? 🏵️🏵️

291 50 11
                                    

💌💌 Chapter 05 💌💌

🗨️: ටේහ්‍යුන්! Are you okay??

මං හිටපු තැනම ඉඳගෙන ඇහුවා.

🐯: ඔ...ඔව්...පුළුවන් නම් ගිහින් male servant කෙනෙක්ට මාව ගන්න එන්න කියනවද?

ටේහ්‍යුන් සද්දෙන් කිව්වත් එයාගේ කටහඬේ තිබුනේ මලානික පාටක්.

🗨️: හරි...මං එන්න කියන්නම්...ඒත් ඊට කලින් මට බලන්න ඕන ඔයා ඇත්තටම හොඳින්ද කියලා...මං එනවා ඔතනට!

එහෙම කියලා මං හැදුවේ ටේහ්‍යුන් ඉන්න තැනට යන්න.

🐯: එන්න එපා!! මං...මං ඇඳුම් නැතුව ඉන්නේ..

ටේහ්‍යුන් එහෙම කිව්වත් මං ගනන් ගන්නේ නැතුවම එයා හිටපු තැනට ගියා.

මං යනකොට ටේහ්‍යුන් හිටියේ bathtub එක ලඟ බිම වාඩිවෙලා එතන තිබුනු බිත්තියට හේත්තු වෙලා අමාරුවෙන් වගේ කෙඳිරිගාන ගමන්. එයාගේ එක කකුලක වලලුකර ලඟ කැපිලා හොඳටම තුවාල වෙලයි තිබුනේ.

🗨️: ටේහ්‍යුන්!! මොකද උනේ?..ආහ්?

මං අඩියට දෙකට ටේහ්‍යුන් ලඟට ගිහින් අහද්දි එයා මගේ දිහා බයවෙලා වගේ බලන් හිටියේ ඇසුත් ලොකුකරන්.

🐯: යාහ්!!! මං කිව්වනේ එන්න එපා කියලා!!..අැස් වහගන්නවා!!

ටේහ්‍යුන් කෑගහලා කිව්වේ එයාගේ අත්දෙකෙන් පපුවත් වහගන්න ගමන්.

ආශ්! මේ මනුස්සයා කෑගහන්නේ මං නිකං මේකාට අතවර කරන්න එනවා වගේනේ..මේවගේ වෙලාවකත් රෙද්දක් ගැන කතා කරන්නේ මූට නම් ඇත්තටම පිස්සුද කොහෙද?...එතකොට මට කියලා ඇඳුම් අන්ඳගද්දි ඕවා මතක තිබ්බේ නැද්ද දන්නේ නෑ බූරු පිටසක්වලයට!...ඒ ඇරත් මේ පිස්සා අත්දෙකෙන් වහගෙන ඉන්නේ වහගන්න ඕන එක එලියේ දාගෙන..

🗨️: Ughhh!..okay fine!...මං ඔයා දිහා බලන්නේ නෑ...පොඩ්ඩක් ඉන්න ඔහොම...මං ටවල් එකක් දෙන්නම්..

එහෙම කියලා මං බිත්තියේ තිබුනු towel rack එකෙන් සුදුපාට ටවල් එක ඇස්දෙකත් පියාගෙන ටේහ්‍යුන්ට දිග්කරා.

🗨️: ඕක ඇඳගෙන ඉවර වෙලා මට කතා කරන්න...මං එක්කන් යන්නම් ඔයාව...

මං ආයෙත් ඇස් පියාගෙනම කිව්වා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now