🏵️🏵️ Suspicion 🏵️🏵️

241 45 12
                                    

💌💌 Chapter 07 💌💌

-- Flashback--

" ඔයාගේ ජීවිතේ ඉස්සරහට හොඳින් ගෙවෙනවා දකින්නයි මට ඕන නාරා..."

මගේ වෙඩින් එකට කලින් අන්තිමට මං ජන්කුක්ව හම්බවුනු වෙලාවේ එයා එහෙම කියද්දි, මං මුකුත්ම නොකියා ඔහේ එයා දිහා බලන් හිටියා. මොකද මට සම්චොන් නිසා ටේහ්‍යුන්ව marry කරන්න වුනත්, සම්චොන් තරමටම මට කුකීවත් ඕන වුනා.

" හැබැයි...ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඔයාගේ marriage එකෙන් පස්සෙත් අපි දෙන්නාගෙම ජීවිත එකට ගොඩයන විදිහට මාත් එක්ක වැඩ කරන්න. "

ඒත් එක්කම කුකී මගේ ලඟට ඇවිත් මගේ උරහිස් වලින් අල්ලගෙන හිනාවෙලා කියද්දි, මං මුකුත් හිතාගන්න බැරුව එයා දිහා බලන් හිටියේ එයා ඒකෙන් අදහස් කරපු දේ මට හරියටම තේරුනේ නැති නිසා.

" ඒක වෙන්නේ මෙහෙමයි නාරා....."

මං කුකී දිහා හිටපු විදිහටම බලාගෙන ඉද්දි, මං ටේහ්‍යුන් marry කරාට පස්සේ කුකී එක්ක දිගටම ඉන්න කැමති නම් මං වැඩ කරන්න ඕන plan එක ගැන එයා අකුරක් නෑර මට පැහැදිලි කරලා දුන්නා.

මං මුලදි ඒකට අකැමැති වුනත්, මට සම්චොන්ව සනීප කරගන්න ඕන නිසාත්, කුකීටයි මටයි ගොඩයන්න තියෙන එකම විසඳුම ටේහ්‍යුන්ව marry කරන එක නිසාත් මං කුකීගේ plan එකේ විදිහට වැඩ කරන්න කැමති වුනා.

මොකද කුකී මට පොරොන්දු වුනා අපේ plan එක success වුනාට පස්සේ මාව ටේහ්‍යුන්ගෙන් divorce කරලා, ආයෙමත් මාව එයා ලඟට ගන්නවා කියලා වගේම මගේ සම්චොන්ගේ හැම වියදමක් ගැනම එයා බලාගන්නවා කියලත්.

ඉතිං මං කුකී එක්ක කතා වුනු විදිහටම අර පිටසක්වලයව කසාද බැන්ඳා. හැබැයි මැරේජ් එකෙන් පස්සේ මායි කුකීයි පුළුවන් වෙලාවට ෆෝන් එකෙන් කතා කරා මිසක ආපහු meet වෙන්න ගියේ නෑ. මොකද මේ දේ ගැන දැනගෙන හිටියේ අපි දෙන්නා විතරක් නිසා.

එදා ටේහ්‍යුන්ලගේ shopping mall එකේදි තමයි මං අහම්බෙන් හරි වෙඩින් එකෙන් පස්සේ ආපහු කුකීව දැක්කේ. මං දන්නවා අපිට පිට තැන්වලදි එහෙම දැකපු ගමන් කතා කරන්න බෑ කියලා.

ඒත් කාලෙකට පස්සේ කුකීව එහෙම දැකපු එකයි, කුකී මාව අඳුරන්නේ නැති විදිහට මාව දැකලත් අහක බලාගෙන ගියපු එකයි නිසා ඇත්තටම මට ටික වෙලාවකට අපේ plan එක අමතක වුනා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now