02.

1.8K 251 54
                                    

රිසාල්ට්ස් ආවා. A 3, B 3, C 3යි. මං කෙලපු පිස්සුවල හැටියට ඕක වැඩිත් එක්ක.ගණිතයට C තියා S කට්ටක්වත් බලාපොරොත්තු වුණේ නෑ මං. අම්මලත් සතුටු වුණා.

      වෙනුර අයියා මට ලැප්ටොප් එකක් අරන් දුන්නා. අනිත් අයියලා ටිකත් ගොඩක් දේවල් අරන් දුන්නා ඉතිං. ආයෙත් ඉස්කෝලෙ පටන්ගන්නත් ලං වුණා. මම ආර්ට්ස් තෝරගත්තෙ ඒක තියෙන ලේසිම subject stream එක නිසා. ඒ එක්ක සිංහල , මීඩියා, english literature තෝරගත්තා. මං ආසම english නිසා. අම්මලට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.

  ටියුෂන් ක්ලාසුත් ඉස්කෝලෙ පටන්ගන්න කලින්ම පටන්ගත්තා. සෙනසුරාදාට සිංහල , මීඩියා ක්ලාසුත් සදුදා හවස E lit ක්ලාසුත් තිබ්බා.

   පලවෙනි දවස නිසා කිට මරලා යාලුවො සෙට් එකත් එක්ක ගියෙ ක්ලාස් එකට එන උන් අල්ලගන්න නෙවෙයි, පොඩි උන් ඊයා, ඒත් අයියලා එහෙම ඉන්නවා ඇතිනෙ😂. ලස්සන එකෙක් සෙට් උනොත් වැඩි වෙන්නෙ නෑනෙ. දිනුක අයියා මගදි මුණගැහිලා කතා කරා. සිංහල ක්ලාස් එක 8ට, මීඩියා එක 2ට. දිනුක අයියා ඇහුවා මීඩියා ක්ලාස් පටන්ගන්නකම් නිකං ඉන්න වෙලාවෙ එයා එක්ක එනවද කියල. මටත් ගානක් නෑ මාත් හා කිව්වා.

    මගෙ යාලුවො නම් කැමති නෑ මගෙ විදියට. ඒත් ඉතිං උන්ට වැඩක් නෑනෙ. මම ඉන්න ඕන මට ඕන විදියට. මගෙ විදියට ඉන්න බැරි කවුරුත් බලෙන් තියාගන්නෑ කියල උන් දන්නවා. ඒත් සනුකයානම් කට තියාගෙන ඉන්න දන්නෑ.

   " මොකද්ද බං?"

   " ඇයි මොකද්ද?"

"ඌ එක්ක රූම් ගානෙ යන්නෙ නෑ මචං උබ."

   " උබ කෝමද එහෙම කියන්නෙ ? මට ඕන්නම් යනව, අනික මට ඕන."

   " උබට හිරිකිත නැද්ද බං? ලැජ්ජ නැද්ද? ශික්. උබ gay උන එකට එක වචනයක් අපි එකෙක්වත් කියන්නැති බව උබ දන්නවා. ඒත් බං ඒකෙන් කියවෙන්නෙ නෑ උබ බඩ්ඩක් වගේ අතින් අත යන්න ඕන කියලා. "

   " මම කිව්වා සනුකයා උබට. මට ඕන දේ මං කරන්නෙ. ඉන්න බැරිනම්, ඒක ඉවසන්න බැරිනම්, පලයං බං. මං මගෙ ජීවිතේ විදින එක උබලට නවත්තන්න බෑ"

   " විදපං. විද විද ඉදලා විදවන්න වෙන දවසට ඔය එකෙක්වත් නෑ බං උබෙ දෙමව්පියෝයි අපියි ඇරෙන්න. උබේ තියෙන ##තෙ ලයින් එකටයි හිතුවක්කාරකමටයි අපි උබ අතාරිනවනම් දැන් අතෑරලා ගිහින් ගොඩක් කල් මචං. කියල වැඩක් නෑ බං. උබම මට්ටු වෙයං. අපිට කරන්න දෙයක් නෑ. මොකද උබව ගැටගහල තියාගන්නයැ.

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now