රතු රෝස 🌹
#පෙර_කොටසින් :
" එයා දන්නෙත් නෑ මං කොහෙද කියල. මොකද්ද මේ කරන විකාරෙ අවිනාශ් අයියෙ? "
" අවිනාශ් අයියා? ඇයි උබට බැරි කලින් වගේ මට සුදු අයියෙ කියල කතා කරන්න ම්ම්? ඇයි රත්තරං ඇයි?!!" අයියා අතේ තිබ්බ බෝතලේ පොලවෙ ගහල කෑගැහුවා.
" මොනාද අයියෙ කියන්නෙ... ඔයා දන්නවනෙ ඇයි කියල... "
" උබ මුලින් ආදරේ කරේ මටයි අහිංස!"
" පිස්සු අයියෙ ඔයාට... දැන් මං ආදරේ කරන්නෙ ඔයාගෙ අයියට. "
" ඒත් උබ මුලින් ආදරේ කරේ මට!!! උබ අයිති වෙන්න ඕන මට! " අවිනාශ් අයියා හැසිරුණේ පිස්සෙක් ගානට. මට හිතාගන්න බැරිවුණා මොකක් කරන්නද කියලා.
#___________________
🌹දහනව වන දිගහැරුම
මං දොරේ එල්ලිලා ඒක හෙල්ලුවෙ අඟුලු දාල නැතත් මට අරින්න අමාරු වෙන තරම් ඒක බර වුණ නිසා. කාලෙකින් පාවිච්චි නොකල නිසාද මංදා සරනේරු මලකඩ කාලා ඇති. ඒත් ඒ මලකඩ කාපු සරනේරු පවා ගත්තෙ අවිනාශ් අයියගෙ පැත්ත. මට එලියට පැනගන්න නොදී අවිනාශ් අයියා ඇවිත් මාව අල්ලගන්නකම් දොර ඇරුණෙ නෑ.
එයා මගෙ ලඟට ඇවිත් කකුල් දෙකෙන් උස්සලා උරහිසට දාගත්තෙ හරියට මං පුලුන් වලින් හදපු බෝනික්කෙක් වගේ. ඒ ඇග ඉස්සරහ නම් මං බෝනික්කෙක් තමයි... එයා එහෙමම මාව උස්සන් ගිහින් ඇද උඩට දැම්මා. ඊටපස්සෙ කට කොනකින් හිනාවෙලා මං දිහා බලං හිටියෙ.. ' පුලුවන්නම් මගෙන් පැනල ගිහින් පෙන්නපං ' කියන්න වගේ.
" අවිනාශ් අයියෙ මට යන්න දීපං... අම්මිලත් බය වෙලාලු. විකාර තියාගන්න එපා."
" ඉතිං පලයං... අර දොරත් ඇරල තියෙන්නෙ. පුලුවන්නම් පලයං, කවුද එපා කිව්වෙ?"
මං ඇදේ වාඩිවෙන්න හදද්දි අයියා මාව ආයෙත් කොට්ට ගොඩ උඩට තල්ලු කරා. " මොකද්ද කරන්නෙ? මං ඔයාව trust කරා අයියෙ... මෙහෙම කරයි කියල හිතුවෙ නෑ ඔයා මට..."
" මට මාවවත් තේරුම් ගන්න බැරුව ඉද්දි උබ මොනා තේරුම් ගන්නද මැනික. හැබැයි මං දන්නෙ එක දෙයයි... උබ මගෙ වෙලා මිසක් මෙතනින් එලියට යන්නෑ. "