රතු රෝස 🌹🌹 තිස් හයවන දිගහැරුම
" එපා නංගි.. මෙයාට මෙච්චර පොඩි දරුවො වඩාගෙන හුරු නෑ... "
" සෝෆා එකේනෙ අයියෙ.. කමක් නෑ... "
මං චූටි දෝණිගෙ මූණ දිහා බැලුවෙ හරි ආදරෙන්... මේ මගෙ අයියගෙ ද්‍රෝහිකමේ ප්‍රතිඵලයක් කියල දැන දැනත් ඒ අහිංසකීට එක තප්පරේකට වෛර කරන්න මට හිත දුන්නෑ... ඒ රෝස කම්මුල් වල චූටි නහර පවා පේනවා... මෙච්චර චූටි අහිංසක පැටියෙක්ට මං මොන හිතකින්ද වෛරයක් ඇති කරගන්නෙ?..
" අහිංස මල්ලි... ඔයාට තමයි ඩොක්ටර්ස්ලගෙන් පස්සෙ අපි දෙන්නා ඇරුනම මුලින්ම බබා වඩාගන්න දුන්නෙ. බලන්නකො චූටිමැනිකගෙ මූණ.. හරි ආදරෙයි වගේ බාප්පිට..."
" හස්බන්ඩ් එන්න තව වෙලා යයිද නංගි.." හංස අයියා කිව්වෙ මට තව දුක හිතෙයි කියල වෙන්න ඇති.
" නෑ අයියෙ.. දැන් එනගමන් කිව්වා. චූටි පුතා මේ මාමිලාගෙ පප්පු ටික අරන් ඇවිත් ගෙයින් තියන්න... මෆින් ආවොත් කාල දායි. "
" මෆින්... කෝ එයා?"
" අහ් එයා කිචන් එක පැත්තෙ නිදාගෙන හිටියා.. ඉන්න මං එක්කන් එන්නම්.." අක්කි ගිහින් මගෙ චූටි බලුකුක්කා එක්ක ආවා.. දැන් එයා ගොඩක් ලොකු වෙලා... අප්පච්චි මට ඇලජික් හින්දා ගෙදරින් යවපු බලු පැටියා... අවිනාශ් අයියගෙන් රෙහාන් අයියා අරගත්තා... දැන් එයා රෙහාන් අයියගෙ පවුලෙ කෙනෙක්... මං නැතුවම එයත් ගොඩක් ලොකු වෙලා..
" අහිංස... බල්ලා එහෙම අල්ලන්නෑ.. "
" අයියෙ මගෙ මෆින් "
" එයා දැන් මේ පවුලට හුරු වෙලා අහිංස... අනික ඔයාට බලු පඩි ඇලජික්... තේරුම් ගන්නකො පැටියො.."
" මල්ලි... අනේ මට සමාවෙන්න මල්ලි" අක්කි අඩන්න පටන්ගත්තා... " මං හින්දා ඔයාගෙ ජීවිතේම කනපිට පෙරලුනා... ඒත් මං කැමති නෑ මල්ලි ඔයා රෙහාන්ට වෛර කරනවට. ඒකයි මං ඔයාගෙ නම්බර් එක හොයාගෙන මේ ගැන කතා කරන්න එන්න කිව්වෙ."
" අක්කි අඩන්න එපා අක්කි.. මේක මගෙ ලැබීම වෙන්න ඇති.. මොනව උනත් මේ බබාල දෙන්නට එයාලගෙ තාත්ති ඕනැ. අක්කිත් හොස්පිට්ල් ඉදන් ආවා විතරයිනෙ.. "