45.

2.4K 233 100
                                    

රතු රෝස 🌹

🌹හතලිස් පස්වන දිගහැරුම

" ම්ම්... දැන් ඔයා නිදහස්.. ඔයා කැමතිනම් දිගටම මං එක්ක ඉදල මෙහෙ ස්ටඩීස් ඉවර කරල ලංකාවට යන්න... බිස්නස්වලින් 60% ක ඉන්කම් එක ඔයාට ලැබෙයි කොහොමත්... මං ඔයාට දීපු වේදනා සල්ලිවලින් හිලව් කරන්න බෑ කියල දන්නව මං.. ඒත් මට මෙච්චරයි ඔයා වෙනුවෙන් කරන්න පුලුවන්.. ඔ.ඔයාට යන්න ඕන්නම්.. මං ඔයාව එක්ක යන්නම් ලංකාවට... " දිනුක අඩන්නැතුව ඉන්න ගොඩක් උත්සහ කරා කියල මට පෙනුනා.. වෙලාවකට මං මහ නරුමයෙක්ද කියල හිතුනා... ඒ මනුස්සයත් වෙනස් වෙන්න ට්‍රයි කරා අවුරුදු ගානක්.. මමයි අවස්ථාවක් නොදුන්නෙ... ඒ උනත් අම්මිව මතක්වෙන වාරයක් පාසා මං දිනුකට වෛර කරා...


" මට සල්ලි ඕන්නෑ... මට තනියෙන් යන්න පුලුවන්.."

"අහිංස ප්ලීස්.. ඔය සල්ලි ඔයාට දෙන්නෙ ඔයා හොදින් ඉන්නවා කියල මගෙ හිත ටිකක් හරි නිදහස් කරගන්න. මං මේ විදෙව්වා මදිද අහිංස? ප්ලීස්.. ඔයාව අතෑරපු මට ඔය සල්ලි කියන්නෙ දූවිල්ලක්. අනික ඔයාව පරිස්සමින් ඔයාගෙ අයියලට බාරදීල මිසක් ඔයාව තනියෙන් යවන්න මට බෑ... "

දිනුක කිව්ව වගේම මට ඩිවෝස් එක දුන්නා... හරියට හිරේ හිටපු එකෙක් නිදහස් වුණා වගේ... ඒත් හිතට මහ හිස්කමක් දැනුණා... ආපහු හිරකූඩුව අස්සට රිංගන්න ඕනැ වගේ හිතුණා... දිනුක මං වෙනුවෙන් ජීවිතේ ආදරේ කරපු කිසිම ආදරවන්තයෙක් නොකරපු තරම් කැපකිරීම් කරා... මං හින්දා එයාගෙ නිදහස කැපකරා... ගතිගුණ වෙනස් කරගත්තා.. කොයි වෙලෙත් කොල්ලො පස්සෙන් යන සෙක්ස් පිස්සා මගෙන් විතරක් සෑහීමකට පත් වුණේ මගෙ අකමැත්තෙන් මං එක්ක එක් වුණත් මට අනවශ්‍ය විදියට රිද්දුවෙ නෑ... මං එක්ක එකතු වුනෙත් එයාට ඉවසන්නම බැරි වුනොත් විතරයි... ඒත් වෙන එකෙක් ලගට නොගිහින් මට විතරක් සීමා වීම මට දැනුනෙ මට පළදපු කිරුළක් වගේ... මට ලොකු වටිනාකමක් දුන්නා කියන හැගීම මගෙ හිත පිරෙව්වා මටත් හොරෙන්.. දිනුක දිහා බලද්දි මට හිතුනා හැම මගුලක්ම අමතක කරල දාල අයියට තුරුල් වෙලා හැමදාම එයාගෙයි මගෙයි විතරක්ම වුණ ලෝකෙක තනිවෙන්න.. ඒත් කොහොමද ... කොහොමද දෙයියනේ මගෙ අම්මි මරල දාපු එකා එක්ක එහෙම ඉන්නෙ?

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now