24.

749 147 6
                                    


රතු රෝස 🌹

🌹24 වන දිගහැරුම

පෙර කොටසට:

https://www.facebook.com/100045543304481/posts/188155912712518/?app=fbl

...............🌹................

කාලය හෙමින් ගෙවිලා ගියා ජීවිතේ කිසි අරමුණක් නැතුවම. අම්මියි තාත්තී නිතරම කිව්වත් එක්සෑම් එකට ලෑස්ති වෙන්න කියල, මං ඒ හැමදේම අතෑරලා දාල හිටියෙ.

" අනේ මං දන්නෑ දරුවො... කෙල්ලෙක් උනානම් මනුස්සයාවත් කන්න බොන්න හොයල දෙයි, කොල්ලෙක් උන උබට ඒම කරන්න කවුද ඉන්නෙ?" දවසක් තාත්තිට කියවුණ දෙයක්. හංස අයියත් මගෙ ලඟ හිටියෙ, බලෙන්ම මට එක්සර්සයිස් කරවන ගමන්. තාත්තිගෙ කතාවට හංස අයියගෙ මූණ වෙනස් වුණා වගේ පෙනුනා. එදා එයාල මං gay කියල දැනගත්තට ඒක තාත්තිට කියල නෑ.

එදා හවස හංස අයියා තිසරු අයියයි මෙනුරි අක්කියි මාවයි පන්සල් එක්ක ගියා. ගල් පඩි ගොඩක් නගින්න තියෙනවා. ඉස්සරනම් මෙනූ අක්කියි මමයි පඩිපෙල උඩට තරගෙට දුවනවා. ඒත් දැන් මට ඒ මොකුත්ම කරන්න බෑ. මේ දේවල් දකිද්දි මට ඇඩෙන්න ආවා. ඒත් මාව ගල් පඩිපෙල උඩට වඩාගෙන යන තිසරු අයියගෙ සුදු කමිසෙ අස්සෙ මූණ හංගගෙන කදුලු එලියට නොඑන්න ඇස් තද කරගත්තා.

" මොකද්ද සුදූ, මේ වගේ තැනකට ආවමවත් ටිකක් සැනසිල්ලෙ ඉන්නවකො බූරුවො. බලනවා මූණ දෙල් ගෙඩිය වගේ හදාගෙන ඔහෙ බලාගත්ත අත බලාගෙන ඉන්නවා. අපරාදෙ එක්ක ආවෙ." හංස අයියා මානෙල් මල් පොකුරක් අරන් මගෙ අතට දෙන ගමන් කිව්වා. විහාර මළුවට ආවට පස්සෙ හංස අයියා අරන් ආව රෝද පුටුවෙ මාව තිබ්බා. " තිසරු ටිකක් බලනවා ඔය කොල්ලා ගැන.... මායි නංගී බෝධිපූජාවට ඕන පැන් කල ටිකක් ඒම හොයාගෙන එන්නම්. බෝ මළුව අමදින්නත් ඕන.... "

" අහ් හරි අයියා මං ඉන්නවනෙ... " තිසරු අයියා කිව්වෙ ෆෝන් එකත් කනේ ගහගෙන.

" හරි අයියා නෙවේ බලපං ඕකා ගැන... ඕකා වීල්චෙයා එක අරන් ඉවුර ලගට යයි.. ඊලඟට කන්ද පල්ලට දෙරිගහල ඉදී දන්නවනෙ මුගෙ වැඩ?.... පොඩි එකෙක්ට අන්තයි"

" හරි හරී... මං බලාගන්නම්කො. " තිසරු අයියා ඉක්මනට කෝල් එක ඉවර කරල ෆෝන් එක සාක්කුවට දාගත්තා.

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now