41.

888 154 13
                                    

රතු රෝස 🌹

🌹හතලිස්එක් වන දිගහැරුම


" දෙව්දුනු අයියෙ...

මම ඔයාලගෙන් සදහටම ඈත්වෙල යනවා... මං දන්නවා ඔයා මට ආදරේ කරන්න පටන් අරන්... ඒත් අයියෙ රටම ඉස්සරහ බඩ්ඩක් ගානට වැටුන මං වගේ එකෙක් එක්ක... තමන්ගෙ අම්මව මරාගත්ත මං වගේ කාලකන්නියෙක් එක්ක ඔයාට කවදාවත් අනාගතයක් නෑ... අයියෙ ප්ලීස්.. මං නිසා ජීවිතේ විනාශ කරගන්න එපා... එහෙම කරොත් ඒ පව් ගෙවන්නත් මට තව ආත්මයක් යයි... මං වෙනුවෙන් සතුටින් ඉන්න.. මගෙ අයියෙ... මගෙ තාත්තිවයි අක්කිවයි අයියල දෙන්නවයි ලොකුඅම්මියි ලොකුතාත්තියි බලාගන්න ප්ලීස්... එයාලට අම්මි නැතුව බෑ... මගෙ අයියෙ ඔයත් මාව අමතක කරල දාල හොද අක්කි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕන.. ප්‍රොමිස් වෙන්න එහෙම කරනවා කියල?...

මං කොහෙ හිටියත් ඔයා සතුටින් ඉන්නවා දකින්නයි ආස.... මට ආදරෙයි නම් මං වෙනුවෙන් සතුටින් ඉන්න....

මං ආය කවදාවත් ඔයාල ලඟට එන්නෙ නෑ... තාත්ති කිව්වා වගේ මංවගේ එකෙක් ජීවත් වෙන්න සුදුසු නෑ... ඒත් අයියෙ මං මැරෙන්නෙ නිකම් නෙවෙයි.. මගෙ අම්මිව මරල දාපු ඒ පව්කාරයවත් මරාගෙන මැරෙන්නෙ... සමහර විට මං නොමැරෙන්නත් පුලුවන්... මං ඌ මරල මේ ආත්මෙදිම ඒකට දඩුවම් විදල ඉවර කරගන්නවා... මතු ආත්මෙකවත් මගෙම අම්මිගෙ කුසින් ඉපදිලා, මගෙම අක්කිගෙයි අයියලගෙයි චූටි මල්ලි වෙලා... ඔයා වගේ ආදරණීය පපුවක උණුහුමේ සැනසිල්ලෙ ජීවත් වෙන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා අයියෙ... එතකම් හොදින් ඉන්න...

-ඔයාගෙ වගේ ආදරයක් ලබන්න පින නැති පව්කාර කොල්ලා.. අහිංස-

ලියුම ලියල ඒක මේසෙ උඩින් තිබ්බෙ මගෙ කදුලින් ම ඒකෙ අකුරු පවා බොදවෙල තිබුනත් අයියට කියවගන්න බැරි තරම් ඒක තෙත නැති නිසා... අයියා හිටියෙ කුස්සියේ... මටයි එයාටයි දවල් කෑම හද හද.. මං වීල් චෙයා එක එයාට ඇහෙන්නැති තරම් පරිස්සමින් තල්ලු කරගෙන එයාගෙ ගෙදරින් එලියට ආවා..

කිව්වා වගේම දිනුක ඇවිත් මාව එක්ක යන්න... මං ගේට් එක ඇරල එලියට ගියාම කාර් එකෙන් බැහැල මගෙ ලගට ආවා..

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now