- රතු රෝස -

1.8K 118 3
                                    

කටු තිබුණට නටුව දිගටම..
පෙති හුගක් සිනිදුයි..
ශෘංගාරයේ සංකේතය වුනාට..
ආදරේ සංකේතයත් මමමයි..
අරලිය වගේ පෙනුමෙන් චාම් නොවුණට..
ස්පර්ශ කළොත් නුඹ
මං හුගක් මෙලෙකයි..
සුවඳ මදුවිතක් මෙන්
මත් කළද නහරයන් නුඹ..
ඒ මගේ වරද නොව..
පටු නුඹේ මනසයි..
පෙති විසුරුවා සැරසුවද නිදියහන්...
සුවදින් නොඅඩු මලක්මයි මම..
බුදු පුදට මම සුදුසුයි..
බුදුන් පිළිගන්නේ සුදෝසුදු මල්
පමණකැයි සිතන නුබ...
අරලිය මලකට පවා
නොහැකි බව සුදෝසුදු වන්න...
අමතක කළ හැටි මට දුකයි..
පෙතිවල රතටත්..
නටුවෙහි කටුවලටත්..
නුඹ මා විනිශ්චය කළේ..
නුඹෙ නොදන්නාකමටයි..
කටු ඇත්තෙ නටුවෙ මිස..
මගේ ගත නොවන බව..
දැන දැනත් නොදන්නා සේ සිටි නුඹ..
විශ කිරි පිරුණු අරලිය පොකුරු..
මට වඩා පිවිතුරු  යැයි..
ස්ථීරවම කිව්වෙ..
පෙනෙන දේ බලලා විතරයි..
රතුම රතු පෙති මගේ
යහන පුරා අතුරගෙන..
රැයේ මගෙ සුවද විඳි නුඹ..
හැන්දෑවට
ඈ එක්ක..
අත්වැල් බැඳන් පන්සල් යද්දි..
මා නෙලා නොගත්තෙ නම්..
නුඹ කුහක හින්දයි.. 🌹🍃

                                - අහිංසක රතු රෝස මලක් -

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now