16.

831 148 8
                                    


රතු රෝස 🌹

🌹දහසය වන දිගහැරුම

" බබා අඩන්න එපා දැන්. අපි හරියටම දන්නෙත් නෑනෙ මොකද්ද ඇත්ත කියලා. " අයියගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන මං කරේ අඩන එක. අයියා ඩ්‍රයිව් කරන ගමන් උනත් පුලුවන් වෙලාවට මගෙ ඔලුව අතගෑවා.

" අනේ අයියා... අම්මී තාත්තී මගෙ නෙවේද එතකොට? මං හදාගන්න ගත්ත ලමයෙක්ද? ඇයි එයාලා මෙච්චර බොරුවක් කරේ මට? අනික මගෙ ඇත්තම අම්මී තාත්තී මං ලොකුඅම්මීයි ලොකු තාත්තීයි කියල හිතන් හිටියෙ මෙච්චර කල්... මට අයියලා දෙන්නෙකුයි අක්කෙකුයි ඉදලත් මං හිතාගෙන හිටියෙ පවුලෙ එකම ලමයා කියලා. මගෙම අයියලා දෙන්නා එක්ක නේද මං කතාකරන්නත් බයේ හිටියෙ?? මගෙම තාත්තිගෙ ඔඩොක්කුවෙ නේද වාඩිවෙන්නත් බයේ හිටියෙ? ඒත් මගෙ බාප්පයි පුංචියි එක්ක මං එච්චර ආදරෙන් හිටියා... මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ.. අනික අවුරුදු 16ක් ගෙවිලා ගියාට පස්සෙ මට පුලුවන්ද මගෙ අම්මි... මට කවලා පොවලා මාව පන වගේ බලාගත්ත අම්මි, මට අර තරම් ආදරේ කරපු මට දුක් දෙන්න බැරිකමට අනන්තවත් දුක් විදපු තාත්ති මගෙ නෙවෙයි කියන දේ පිලිගන්න. "

" බබා අපි ඇත්ත දැනගෙනම ඉමුකො හිතළු හදාගෙන බය වෙන්නැතුව. මට තේරෙනවා මැනිකට දැනෙන විදිහ.. ඒත් ටිකක් ඉවසමුකො අපි. "

අයියා අපේ ගේ ලගින් වාහනේ නැවැත්තුවට වෙනදා වගේ ගියෙ නෑ. බැහැලා මාව එක්කගෙන ගේ ලඟටම ගියා. මං ගොඩක් ඇඩුව නිසා ඇසුත් රතු වෙලා. අයියා මාව නවත්තලා මගෙ කදුළු පිහලා මගෙ නලල සිපගත්තෙ ගෙදර කවුරුත් නැති නිසා. බිස්නස් පාඩු නිසා තාත්තිගෙ ශොප් එකේ වැඩ කරපු අක්කිලා දෙන්නට වෙන ශොප් එක්ක ජොබ් අරන් දුන්නෙ එයාලට පඩි ගෙවන්නත් ගියාම ශොප් එකට ලාභ කෙසේවෙතත් තව පාඩුත් නිසා. ඒ නිසා අම්මිට ශොප් එකේ වැඩට යන්න වුණා. ඒ නිසා මට දැන් ගෙදර තනියෙන් ඉන්න වෙන්නෙ 6- 7 වෙනකම්. ඒත් ඉතින් අර හොල්මන් කේස් එකෙන් පස්සෙ මට තනියෙන් ඉන්න හොද නෑ කියල ලොකු හාමුදුරුවෝ කිව්ව නිසා මෙනුරි අක්කිලාගෙ දිහා තමා ගොඩක්ම ඉන්නෙ මං.

කරුමෙකට වගේ තිසරු අයියා ඒ වෙලාවෙම මං ආවද බලන්න අපේ ගෙදර ආවා.

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now