22.

807 151 9
                                    

රතු රෝස 🌹

🌹 විසි දෙවන දිගහැරුම

එදා මම ගොඩක් කලබල කරපු හින්දා ඩොක්ටර් ඇවිත් මට නින්ද යන්න බෙහෙත් දුන්නා. මම ඒ විදියට හැසිරෙන්නෙ මට strong pain killers දීපු නිසා කියල ඩොක්ටර් අයියට කියනවා මට ඇහුනේ මං බෙහෙත් සැරට නින්ද යාගෙන එද්දි.

" මෙයා මත් වෙලා වගේ ඉන්නෙ. Painkillers වල dosage එක අඩු කරාම නෝමල් වෙයි. පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නෙ ඒකයි... කලබල වෙන්න එපා මචං දැන් ප්‍රශ්නයක් නෑනෙ. අනික දැන් stable. මේක temporary දෙයක් වෙන්න ඇති අපි බලමුකො චෙක් කරලම..." අයියව සනසවන්න වගේ ඩොක්ටර් ගොඩක් දේවල් කිව්වෙ ඩොක්ටර් අයියගෙ යාලුවෙක් හින්දා වෙන්න ඇති. මං අයියගෙ තාමත් කදුලු පිරුණු ඇස් අන්තිමට දැක්කෙ මට නිදි බෙහෙත් වලට නින්ද යන්න කලින්.

- මසකට පසු -

මාසෙකුත් පහු වුණා මේ හොස්පිට්ල් එකේ ඇද උඩම. වැඩි හොදට කියල අයියා ලක්ෂ ගනන් වියදම් කරලා මාව මේ ප්‍රයිවට් හොස්පිට්ල් එකේම තියාගත්තට මටනම් දැන් ඇතිවෙලා තිබ්බෙ.

මේ මාසයක කාලය ඇතුලත මං ගොඩක් වෙනස් වෙන්න ඇති. මට ආය දෙපයින් හිටගන්න පුලුවන් වෙන චාන්ස් එක 5% කටත් අඩුයි කියල දැනගත්ත දවසෙ ඉදන් මං හැමදේටම වෛර කරන, පුංචිම දේත් ලොකුවට හිතට අරන් ඒකෙන්ම ගහ ගහ නයෙක් වගේ පළිගන්න, ඊටපස්සෙ රෑ තිස්සෙ පැය ගණන් අඩ අඩ මටම දඬුවම් දීගන්න කෙනෙක් වෙන්න පටන්ගත්තා . හුරතල් වෙන හිනාවෙන අහිංස එදා හොස්පිට්ල් එකේදි නින්දට ගියාට පස්සෙ මැරුණා. දැන් ඉන්නෙ හුස්ම ගන්න මළමිනියක් වගේ අහිංස කෙනෙක්. නයෙක් වගෙ පැන පැන දශ්ට කරන අහිංස කෙනෙක්.... ඒත් නයෙක් හොද ඇති මට වඩා. ඌ දශ්ට කරන්නෙ තර්ජනයක් දැනුනොත් විතරයි... මං දශ්ට කරේ හැම වැඩක්ම දාල මාව බලාගත්ත, මං වෙනුවෙන් හැමදේම කරපු උදේ දවල් හවස මාව බලන්න ආව, අවසර ලැබුණ දවසට මගෙ ලගින් ඉදන් නිදිවරාගෙන මාව බලාගත්ත මගෙ අයියට. මටම තේරෙන්නෑ ඇයි මං මෙහෙම නපුරුකම් කරන්නෙ කියලා. ඒත් දැන් මං ඉස්සරට වඩා හිතන්න අරන්. මං වෙනුවෙන් මොනතරම් දේවල් කරත් මං ඒවා දැක්කෙ නෑ. දැක්කෙ මං වෙනුවෙන් නොකරපු දේවල්, වැරදි අඩුපාඩු විතරයි.

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now