25.

783 146 22
                                    


රතු රෝස🌹

🌹විසි පස්වන දිගහැරුම

" මොකක්?! "

" ප්ලීස් සුදූ... තමුසෙ ගිය උං ගැන හිත හිත අසනීප වෙනවට අපි කැමති නෑ. තමුසෙට පේන්න ඇඩුවෙ නැතුවට පුංචි අපි ඉස්සරහදි කොච්චර අඩනවද? තමුසෙ කන්නෙ බොන්නෙ නැහැලු, බර අඩු වෙලාලු, තමුසෙ හැම තිස්සෙම දුකින්ලු... ඒ මනුස්සයටත් සැනසීමක් නෑ තමුසෙ ගැන හිතලම බෙහෙත් ටික බොන්න පවා අමතක වෙනවලු. තමුසෙ මේ කොහෙවත් යන එකෙක් ගැන හිත හිත ඉද්දි තමුසෙට ඇත්තටම ආදරේ කරන මිනිස්සු විදවන එකවත් තමුසෙට පේන්නෑ. දැන් ඇති ගිය එකා හින්දා විනාශ වුනා. තමුසෙ දැන් එක්සෑම් එක කරන්න අදහසකුත් නෑනෙ. අපි අවුරුද්දකින් ප්‍රයිවට් දාමු එක්සෑම්. හැබැයි ඉතින් ඔහොම මොන එක්සෑම්ද? "

" මගෙ අයියා මං ලඟට එයි... ඔයාලට පිස්සු "

" අනේ මේ උබෙ ප*යා-"

" ඒ හංස... උබ සන්සුන් වෙයංකො... "

" මල පයිනව බං. මුගෙ එදා ඉදන්ම තිබ්බෙ හිතුවක්කාරකම. එදා හොරෙන් ගෙදරින් ගියෙ නැත්තම් අද මෙහෙම වෙන්නෙත් නෑනෙ. "

" හරි හරි බං... දැන් කෑගහල වැඩක් නෑනෙ. "

"කෑගහන්න නෙවේ පට්ට ගහන්න වටින්නෙ. ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් කොහෙහරි යන වල් බල්ලෙක් හොයාගෙන ජීවිතේම ඉවරයිනෙ දැන්.. ඌ බැඳලා ළමයෙකුත් ඉන්න එකෙක්!"

" අයියෙ!"

" නංගි උබ කට වහපං.. උබත් වැරදී මේවට. අපිට හොරෙන් උල්පන්දම් දීලා දැන් පේනවනෙ?"

" ක්..කාටද බැඳල ලමයෙක් ඉන්නෙ?"මගෙ තොල් පවා වෙවුලන්න ගත්තා. මෙයා මේ කියන්නෙ අවිනාශ් ගැන වෙන්න ඇති.

අක්කි අයියා දිහා අසරණ වෙලා බලන් ඉන්නෙ ඇයි කියන්න තේරුන්නෑ මට. " අ..අවිනාශ් අයියා එක්ක නෙවේ දැන් මං..."

" මොකාද අවිනාශ්? උගෙ නම අවිනාශ් ද? අවිනාශ් නෙවේ විනාශ් කියල නම දාන්න තිබ්බෙ... එදා මට තිබ්බෙ උට ගෑනි ඉස්සරහම හොද දෙකක් කතා කරන්න. පොඩි උන් රවට්ටන වල් බල්ලො. අවුරුද්දක විතර පොඩි එකෙක් ඉදපු හින්දා ඉවසුවා මං. පොඩි එකා පවු වෙන මොකුත් හින්දා නෙවේ."

" අ.අවිනාශ් අයියගෙ දෝණිට අවුරුද්දක් නෑනෙ... "

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now