15.

887 162 10
                                    

🌹පහලොස් වන දිගහැරුම

මාස දෙක තුනක් ගතවෙද්දි අවිනාශ් අයියා මට මගේම සහෝදරයෙක් වගේ වෙලා රෙහාන් අයියා මගෙ ජීවිතේම උණා. මුල් කාලෙ පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් කාලය ගතවෙද්දි මේ වෙනසට මං හුරු වෙන්න ගත්තා. ඒ විතරක් නෙවේ රෙහාන් අයියට මං පණ ඇරලා ආදරේ කරන්න ගත්තා. සමහර වෙලාවට මට දැනුනෙ අවිනාශ් අයියගෙයි මගෙයි අතර පොඩි දුරස් බවක් තිබ්බා කියලා. ඒ රෙහාන් අයියා අවිනාශ් අයියට වඩා මට ලං වුණ නිසා. එයා මට වැඩිපුර දැනෙන්න ගත්තා.

රෙහාන් අයියා දැන් අපේ ගෙදරම කෙනෙක් වගේ. මගෙ අම්මී තාත්තී රෙහාන් අයියව දන්නවා දැන්. ඒ අවිනාශ් සර්ගෙ අයියා නිසා අම්මිටයි තාත්තිටයි එයාව අදුන්වලා දෙන්න ලේසි උනා. රෙහාන් අයියා නිතරම අපේ ගෙදර එනවා. මං එයාගෙ ගෙදර යනවා. අවිනාශ් අයියා ඉදලා තියෙන්නෙ රෙහාන් අයියගෙ ගෙදර මොකද අකේශි අක්කියි බබයි ඉන්න ගෙදරට මාව එක්ක යන්න බෑනෙ ඒ දවස්වල.

"බබා උබ මගෙ යකාවුස්සගන්න හදන්න එපා." අයියා මගෙ රිපෝට් කාඩ් එක ඇද උඩට විසි කරා. මට මේ පාර ලකුණු ටිකක් අඩු වෙලා. සිංහල වලට 73%, මීඩියා 77%, ඉන්ග්ලිශ් ලිට් වලට 45%. එයාට ඒකට තරහ ගිහින්. ගිය සැරේ ලිට් වලට 66%ක් තිබ්බා. අනිත් දෙකටම 80% ට වැඩී. ඒත් ඉතින් පාඩම් එන්න එන්න වැඩි වෙද්දි එක්සෑම් අමාරු වෙනවා කියලා මේ මෝඩයට තේරෙන්නැති හැටි.

ඒ ගැන කියලා මට ආව වෙලාවෙ ඉදන් බනිනවා. බැරිම තැන මං කිව්වා එක්සෑම් රිසාල්ට් මොනා උනාම මොකෝ මං කොහොමත් මොඩ්ලින් කරන්න ඉන්නෙ කියලා. ඒක ඇහුවා විතරයි යක්ශාවේශ උනා.

" මොකද්ද අයියෙ ඔයාට වෙලා තියෙන්නෙ? ආව වෙලේ ඉදන් මාව කන්න හදනවා. කොච්චර අමාරුවෙන්ද ගෙදරින් පැනගත්තෙ? ශිට් අපරාදෙ ආවෙ."

" එහෙනම් පලයං. කවුරුවත් උබව මෙතන ගැටගහලා බලෙන් තියාගෙන නෑනෙ."

" මං යනවා යන්න. රෙද්ද " මං මගෙ ෆෝන් එක ( රෙහාන් අයියා අරන් දුන්න) ඇද උඩින් අරන් අරන් සාක්කුවට දාගෙන අයියා දිහා රවල බැලුවා.

" කොහෙද තෝ යන්නෙ?!"

" දැන් යන්න කිව්වෙ!"

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now