43.

951 154 23
                                    


🌹 රතු රෝස

🌹හතලිස් තුන්වන දිගහැරුම

" සුදූ"

" දිනුක අයියෙ?"

" ඔව් ඔව් .. සුදු මැනිකගෙ අයියා තමයි..." දිනුක මගෙ ඇගට උඩින් අත්වලට බරවෙලා ඉදපු හින්දා මං හිටියෙ එයයි ඇදයි අතර හිරවෙලා.. " අ..අයියෙ.."

" ම්ම් ඕ මැණික... අයියා තමා... මට උබව ඕනෙ මැනික.." දිනුකට හොදටම වෙරි. හඳ එලියට මට පේනවා පිස්සෙක් වාගෙ වැනි වැනී මගෙ තොල් හොයන හැටි.. තනියෙන් මොන මොනවද කියව කියව ඉදල ආය ඇදෙන් බැස්සෙ මොකද කියල බලද්දි ගිහින් මොනාහරි ක්‍රීම් එකක් අරන් ආව... " මේ ශැදෑව්..වේ ගං තෙරේදී... රන් රුවේ මා.... මැනිකට රිද්දන්න හොද නෑනෙ.. බේබි ක්‍රීම් එකක් අරම්ම ආව අයියා.." දිනුක සින්දුවකුත් කියාගෙන ඇදට ආවා...

" ස්නේහ වර්ශා.... වැටෙන වේලේ... දමා යනු බෑ... සඳේ වෙන් වී... වෙන්වෙන්නෙ ඇයි දැන් මගෙනෙ.. ! මට මාර සතුටුයි රත්තරනේ අද... හීන ගානේ මා ඇදේවී... චන්ද්‍ර යාමේ.. නින්ද නේවී....

මා හදේ නුබේ රුව.. නොමැකේදෝ ආයේ "

" අයියෙ කෑගහන්න එපා "

" අද කෑගහනව බොල! අද ඉදන් උබ මගෙ..! මගෙ මගෙ විතරමයි!!! අහිංස මගේ! I LOVE YOU AHiNSA!!! මං කෑගහනව යකෝ ලෝකෙම උන් දැනගන්ඩ ඕනැ... ලෝකෙම උං දැනගන්ඩ ඕනැ උබ අන්තිමට අයිති උනේ මට කියල. වෙනුරයට නෙවෙයි! සර්කාරයටත් නෙවෙයි.. මේ මට... දිනුකට!"

" අයියෙ! "

" හරි හරි මැණිකෙ.. ඩිංගක් අයියට මේ සතුට සමරන්ඩ දියංකො.. ආතල් කුඩු කරන්නැතුව. " දිනුක පිස්සුවෙන් වගේ මගෙ තොල්වලට ලංවෙලා මාව කිස් කරා.. මගෙ අම්මිගෙ මිනීමරුවා මාව කිස් කරද්දි දැනුනෙ මාර අප්පිරියාවක්... මං තල්ලු කරල දැම්මෙ ඒකයි..

" උබට.. උබට සෙස් කරන්ඩ ඕන්නැද්ද? හරි ඒකට කමන්නෑ... උබේ අකමැත්තෙන් උබට ආය අතක්වත් තියන්නෑ මගෙ මැනික.. අයියා උබට ඕනැ විදියට හැදෙන්නං... හැබැයි මට උබව ඉබින්න ඕනැ.... මට තුරුල් කරන් ඉන්න ඕනැ. ඒකටනම් එපා කියන්න එපා රත්තරනේ "

දිනුකගෙ මේ වචන මාව එන්න එන්නම දුර්වල කරන්න ගත්තා. පුතෙක් විදියට මගෙ අම්මිට සාධාරණය ඉෂ්ට කරන්න බැරි තරම් වෙනකම් දිනුක මාව අසරණ කරගෙන එද්දි මං පිස්සුවෙන් වගේ කොට්ටෙ යට හෙව්වෙ මං හංගගත්ත ගෑරොප්පුව... මේකෙන් ඇනල මිනිහෙක් මරන්න පුලුවන් වෙයිද කියල මං දන්නෑ... ඒත් මං අද මූව මරන එක මරනවා.!

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now