රතු රෝස 🌹
🌹දාහතර වන දිගහැරුම
" ප්ලීස් අඬන එක නවත්තගනිං මල්ලි. මං කිව්වනෙ, ඔයාට ඔයාගෙ ආදරේ නැති වෙන්නෙ නෑ.. නැතිවෙන්නෙ මාව විතරයි. ඒත් මං කවදාවත් ඔයාට සහෝදරයෙකුට එහා ආදරයක් කරලා නෑ.ප්ලීස් අඩන්න දෙයක් නෑ කතාව අහල ඉන්නකො... "
" අනේ අයියෙ මට සමාවෙන්න.. මං බොරු කිව්වා තමයි.. මං පෙන්නුව තරම් හොද කෙනෙකුත් නෙවෙයි ඒත් ඔයා එක්ක ඉද්දි මං කිසිම වැරැද්දක් කරේ නෑ ඔයාට.. මං පල්ලා.. මං ඔයා ඇර වෙන කෙනෙක් ගැන හිතුවෙවත් නෑ. මට සමාව දෙන්න අයියෙ.. එහෙම කරොත් ඔයාට ගොඩක් පිං අයියෙ... මට වෙන ඕනම දඬුවමක් දෙන්න, ඕන්නම් ගහන්න, ඒත් මාව දාලා යන්න එපා අයියෙ මට ඔයා නැතුව ඉන්න බෑ.." මට ඇඬුන විදිහට මට හරියට කතාකරගන්නවත් බැරි උනා. අවිනාශ් අයියයි රෙහාන් අයියයි දෙන්නම මාව සන්සුන් කරන්න හැදුවත් මට මාවම පාලනය කරගන්න බැරිවෙලා තිබුණෙ.
" මල්ලි මේ ළමයා මෙහෙම ඉද්දි කතා කරන්න බෑනෙ. අපි ආව ගමන යමු. එහෙට ගිහින් කතා කරමු." රෙහාන් අයියා කිව්වා. අවිනාශ් අයියත් ඒකට එකඟ වුණා. අනුරාධපුරයට යනකම්ම වගේ මං කලේ අඬලා අඬලා හෙම්බත් වුණ එක.. අයියලා දෙන්නත් මට අඬන්න දුන්නා. ඒත් රෙහාන් අයියා පිටිපස්සෙ සීට් එකට ඇවිත් මං ලගින් වාඩිවෙලා මගෙ ඔලුව එයාගෙ උරහිසට ලං කරගෙන අඬනකම් මගෙ ඔලුව අතගගා හිටියා.
මට ඕන උනේ මගෙ අයියව උනත් රෙහාන් අයියගෙන් ලැබුණෙ වෙනස්ම සහනයක්. මට නොදැනීම එයාගෙ උරහිස උඩ නින්ද ගිහින්.
රෙහාන් අයියා මාව ඇහැරුවෙ හොටෙල් එකට ආවා කියලා. මට අඬලම හෙම්බිරිස්සාවක් වගෙත් හැදිලා තිබ්බා ටිකක්. ඇස් ඉදිමිලා කියල හොදට දැනුනා. ඒ වගේම ඔලුවත් එක්ක මූණම රිදුනා. ඒත් මං ආය ඇඩුවෙ නෑ.. මට ඇඬිල්ල පවා එපා වෙලා තිබ්බෙ. කදුලු එන්න හැදුවත් මං එන්න දුන්නෑ. අයියලා දෙන්නා මාව හොටෙල් එකට එක්ක ගියා. කාමර දෙකක් බුක් කරලා මාව එක්ක ගියා එක කාමරේකට. " මල්ලි ගිහින් වොශ් එකක් දාගෙන එන්න. දැන් දවල් වෙලා නිසා මොනවහරි කාලම ඉමු. ලොකු කතාවක් තියෙනවා ඔයා දැනගන්න ඕන. "
" කමන්නෑ කියන්න. මට කන්න ඕන්නෑ." මං කතාකලේ මලකදක් ගානට.
" අහිංස, හිතුවක්කාර වෙන එක ටිකක් නවත්තලා කිව්ව දේ කරන්නකො. " අවිනාශ් අයියා ටිකක් සැරෙන් කිව්ව නිසා මං ඇදුමකුත් අරන් බාත් රූම් එකට ගියා.