11.

1K 160 14
                                    


රතු රෝස 🌹

🌹එකොලොස්වන දිගහැරුම

" ම්ම් යං.. මොනාහරි කාල ගෙදර යං. මට අද රෑ අනුරාධපුර යන්න වෙලා බිස්නස් වැඩකට. පරක්කු වෙන්න බෑ " ඒ වචනත් එක්ක මං දිව අඟ තියාගෙන හිටිය ලොකූ කතාව ගිලගෙන ඔලුව වැනුවා.

කොහොමත් මට ඒ දේවල් අයියා එක්ක කියන්න තරම් හයියක් තිබුනෙ නෑ. කටක් ඇරලා කියන්න පුලුවන් දේවල්ද මං කරලා තිබුනෙ. ඒ නිසා කටපියාගෙන අයියා එක්ක ගිහින් කෑවා. කාලා ගෙදර යද්දි අම්මි කොහෙද යන්න ලෑස්ති වෙනවා. " ආහ් සර් එන්න ගෙට... මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා. "

" කාලා නෑ කිව්වනෙ. කන්න අරන් දීලාම එක්ක ආවා. " අයියා ගෙට ගොඩ වෙන ගමං කිව්වා. ඒ දාගෙන ආව බාටා දෙක දොර ඉස්සරහා ගලවලා.

" සර්ටත් කරදරේ මේ ළමයගෙ හිතුවක්කාරකම හින්දා. ගෙදර උයලත් තියෙන්නෙ "

" මොන කරදරයක්ද අම්මෙ.. " අයියා මං දිහා බැලුවා. " කොහෙද අපි ක්ලාස් එක දාන්නෙ පුතා?"

" කොට්ටම්බා ගහ යට දාමුද මිදුලෙ? එතන හොදට හෙවනයි."

" බබා ගිහිං ඇදුම් මාරු කරගෙන එන්නකො මං ස්ටූල් එකක් දාලා ක්ලාස් එක කරන්න එතන හදලා දෙන්නම්. " අම්මි කිව්වා. මං කාමරේට ගිහින් ගෙදරට අදින ශෝටකුයි ශර්ට් එක්කුයි දාගෙන ඉක්මනට ආවා. ඒ එද්දි අම්මි අයියට තේත් හදලා දීලා කතාවක් දාගෙන ඉන්නවා. අයියා අම්මිට වඩා අවුරුදු 10ක් විතර බාල ඇත්තෙ. ඒ නිසා අම්මිට අම්මා කියන්න මොකද්ද වගේ ඇති. ඒත් මං ක්ලාස් එකේ ලමයෙක් නිසා එයා එහෙමම කිව්වා." බබා එහෙනම් ක්ලාස් එක කරන්න සර් එක්ක. මං කඩේ ලොකුඅම්මලාගෙ ගෙදර කිරි අම්මා දානෙට කැවුම් ටික හදාගන්න උදව්වක් දීලා එන්නම්කො. "

" ම්ම්.. එද්දි කඩෙන් කන්න මොනාහරි ගේන්න "

" කන බණේමයි.. හ්ම් හ්ම්ම්. සර් මං එන්න කලිං ගියොත් කොහෙවත් යන්නෙ එහෙම නෑ. මං එන්න රෑ වුනොත් මෙනුරි අක්කට අඩගහගන්න නැත්තම් එහෙ යන්න. "

" හාකො.. "

අම්මි මිදුලෙ හදලා තිබ්බ චූටි ක්ලාස් එකට අපි දෙන්නා ගියා. මෆිනුත් ඇවිත් කකුල් දෙක ලග වැටිලා නිදාගත්තා. අයියා ක්ලාස් එක පටන්ගත්තා. " ම්ම්.. මුලින් දීපු හෝම්වර්ක් ටික ගමුකො බලන්න. "

රතු රෝස ( MalexMale | සිංහල | Complete )Where stories live. Discover now