පෙරවදනක් 🌜️🌟

482 77 37
                                    

මුලින්ම කියන්න ඕනේ මේක Girl × Boy එකක්. ප්‍රධාන චරිතේ Jeon Jungkook . ඒ වගේම මේක Werewolf කතාවක්. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. ඒත් නොදන්න අයත් ඕනේ තරම් ඇති . ඉතින් මන් හිතුවා කතාව පටන් ගන්න කලින් werewolf ගැන පොඩි හැඳින්වීමක් කරන්න.

Werewolf කියන්නේ නර වෘකයන්ට. භාගයක් මනුෂ්‍ය භාගයක් වෘක. මෙයාලාගේ මිනිස් ආත්මයයි වෘක ආත්මයයි දෙකම ජීවත් වෙන්නේ එකම ශරීරයක.

පරම්පරාගත ශාපයක් නිසා හෝ වෙනත් නරවෘකයෙකුගේ සපා කෑමක් නිසා හෝ මායා බලය සහිත වෘක සමක් පැළඳීම මඟින් හෝ මිනිසෙක් නරවෘකයෙක් බවට පත් වෙනවා. සෑම පුරහඳ ඇති රැයකම මොවුන් වෘකයන් බවට පරිවර්තනය වෙනවා. ඒත් මේ කතාවේ ඉන්නේ මෙයාලා නෙවෙයි.

මේක omegavers Theory අනුව ලියවුනු කතාවක්. මේ කතාවේ ඉන්න Werewolf වරු ජීවත් වෙන්නේ Omegavers වල. ඒක සමාන්තර විශ්වයක්. එහෙමත් නැත්තන් අපි හිතෙන් මවා ගත්තු මනංකල්පිත ලෝකයක්.

මොවුන්ට වෘකයෙකු බවට පරිවර්තනය වීමට සඳේ බලපෑමක් අවශ්‍ය වෙන්නේ නෑ. කැමති ඕනෑම අවස්ථාවක මිනිස් ආත්මය යටපත් වෙලා වෘක ආත්මය එලියට එනවා.

Werewolf වරුන්ව නිර්මාණය කලේ සඳ දෙව්දුව. ඔවුන්ගේ දෛවය තීරණය කරන්නෙත් ඇය. ඒ නිසා werewolf වරු සඳ දෙව්දුවව දේවත්වයෙන් අදහනවා.

උපතේදී werewolf වරුන්ගේ gender එක male හෝ female කියලා දැනගන්න පුලුවන් වුනත් second gender එහෙමත් නැත්තන් ඔවුන්ගේ වෘක ස්වරූපය ගැන දැනගන්න ලැබෙන්නේ වයස අවුරුදු 12 -20 අතර කාලයේ සිදුවන ඔවුන්ගේ පළමු පරිවර්තනයෙන් පස්සේ.

පලමු පරිවර්තනය සිදුවන කාල සීමාව ඔවුනොවුන් අයත් වන ගෝත්‍රය අනුව වෙනස් වෙනවා. මොවුන්ට සැතපුම් ගණනක් ඈතින් ඇති දේවල් දැකීමට , ඇසීමට , සුවඳ විඳ ගැනීමට , තම තුවාල ඉක්මණින් සුව කර ගැනීමට හැකියාව තියෙනවා . ඒ වගේම මොවුන් ඉතාමත් වේගවත්.

Pack

Werewolf වරු කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම Pack ලෙස හදුන්වනවා. සාමාජිකයන් 10 - 15 සිට සාමාජිකයන් 100 - 150 හෝ ඊට වැඩි ප්‍රමාණයෙන් යුත් කණ්ඩායම් තියෙනවා . ඔවුන්ටම අයත් බල ප්‍රදේශයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන මන්දිරය Pack House ලෙස හඳුන්වනවා.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now