EPISODE 07

127 32 30
                                    

" අපි මෙහෙන් යන්න ඕනේ "

ජන්කුක් JK ට එහෙම කිව්වේ ඇදෙන් බිමට බහින ගමන් .

" මොකක් ? "

" ඇයි කියපු දේ තේරුනේ නැද්ද ? අපි මෙහෙන් යන්න ඕනේ.මේ දැන්මම "

" ඒත් ඇයි ? මෙහෙදි අපි ආරක්ෂිතයිනේ. අනික තාම අපේ තුවාල හොඳ වෙලත් නෑ "

" ඒ දැනටනේ. චෑන්ගේ මිනිස්සු කොයි වෙලාවේ මෙතනට කඩා පනීද දන්නේ නෑ. උන්ට අපිව අහු වුනොත්... අපිව පන පිටින් හම ගහලා නගරේ මැද්දේ එල්ලයි"

සපත්තු දෙකයි ජැකට් එකයි දාගෙන කාමරෙන් එලියට ආපු ජන්කුක් හිමින් හිමින් පඬිපෙළ බහින්න පටන් ගත්තා.

" එතකොට... එතකොට අපේ මේට්... අපි කොහොමදකෙල්ලව මෙහෙන් අරන් යන්නේ ? "

JK එහෙම අහනකොට ජන්කුක් කල්පනා කලේ.. තමන් කරන්න හදන දේ ගැන කොහොමද JK ට තේරුම් කරලා දෙන්නේ කියලා. JK අනිවාර්යයෙන්ම තමන්ගේ තීරණේට විරුද්ධ වෙනවා කියලා ජන්කුක් සීයට සීයයක්ම දන්නවා . ඒත් තමන් ගත්තු තීරණය වෙනස් කරන්න ජන්කුක් කැමති නෑ.

" එයා ගැන අමතක කරන්න."

" මොකක්... මොකක්ද ඒ කතාවේ තේරුම ? ඇයි උබ එහෙම දෙයක් කිව්වේ ජන්කුක් "

" මම ඒකිට කැමති නෑ... "

" ජ...ජන්කුක්... උබ මොනවද මේ කියවන්නේ ? ඒ කියන්නේ උබ අපේ මේට්ව ...."

" ඔව් Jk... මම ඒ කෙල්ලව reject කරනවා. මම කැමති නෑ ඒකිව මගේ මේට් විදිහට පිලිගන්න "

ජන්කුක් එහෙම කියපු ගමන් JK ගේ හැඟීම් වෙනස් වුනු විදිහ කොල්ලාට හොඳටම දැනුනා. JK ට විශ්වාස කරන්න බැරි වුනා ජන්කුක් කියපු දේ ගැන. ඇත්තටම ජන්කුක්ටවත් හිතාගන්න බෑ එයා එහෙම දෙයක් කිව්වා කියලා.

ජන්කුක් දැක්කේ එයාගේ තුවාල වලට ආලේප කරලා තිබුණු අත් බෙහෙත්. කාමරේ අයිනේ පුංචි මේසයක් උඩ තිබුනු පොඩි වතුර භාජනයක් සහ ලේ තැවරුණු තෙත රෙදි කෑලි කිහිපයක් දැක්කාම ජන්කුක්ට තේරුනා හන්සු මුලු රෑම මෙතනට වෙලා වෙලා තමන්ට සාත්තු කරලා තියෙනවා කියලා.

Legend Of The Moon Lovers 🌜️🌟 حيث تعيش القصص. اكتشف الآن