EPISODE 04

200 51 71
                                    

භූගත වදකාගාරයෙන් එලියට ආපු ජන්කුක් කෙලින්ම ගියේ Pack House එක ඇතුලේ තිබුනු Meeting room එකට. ඒ වෙනකොටත් පැක් එකේ හෙඩ් බේටාවන් දෙන්නා වුනු ටේහියුන් සහ හේසොක් වගේම පැක් එකේ හිටපු එකම මායාකාරයා වුනු නම්ජුනුත් එතනට ඇවිත් හිටියා.

" ඒ කියන්නේ... ආරද් කොහොම හරි අපි ඉන්න තැන හොයා ගත්තා "

" ඒ විතරක් නෙවෙයි. මිනිහාගේ සහචරයෝ කිසිම බයක් සැකක් නැතුව අපේ බල ප්‍රදේශයට ඇතුලු වෙලා අපේ පැක් එකේ අහිංසකයෝ තුන් දෙනෙක්වත් මරලා දාලා "

" මෙහෙම ගියොත් උන් ඉක්මණට අපේ පැක් හවුස් එක තියෙන තැනත් හොයා ගන්න බැරි කමක් නෑ .. එහෙම වුනොත් නම් සේරම ඉවරයි. "

හේසොක් , ටේහියුන් , නම්ජුන් තුන් දෙනාම එහෙම කතා වෙනකොට ජන්කුක් සද්දයක් නැතුව meeting room එකේ බිත්තියකට සම්බන්ධ කරලා නිර්මාණය කරලා තිබුනු විශාල ටැංකියක ඒ මේ අත පීනමින් හිටපු මිනී කන දැවැන්ත great white shark ලා හතර දෙනා දිහා බලාගෙන හිටියා.

" මන් නම් හිතන්නේ අපි අපේ බල ප්‍රදේශයේ සීමාවන් වල ආරක්ෂාව මීට වඩා වැඩි කරන්න ඕනේ "

" සීමාවේ ආරක්ෂාව වැඩි කරන්න නම් පුලුවන් . ඒත් හියුන්... බැරි වෙලාවත් උන් ටීම් එකක් අරන් ඇවිත් හතර පැත්තෙන්ම වටකරලා අපිට පහර දුන්නොත් අපි මොන දෙයියන්ට කියන්නද ? "

" මන් ලග පොඩි අයිඩියා එකක් තියෙනවා "

හේසොක්ගෙයි ටේහියුන්ගෙයි කතාවට බාධා කරලා ජන්කුක් එහෙම කියනකොට... කොල්ලො තුන් දෙනාම ජන්කුක් දිහා බැලුවේ ' ඒ මොකක්ද ? ' කියලා අහන්න වගේ .

" අවුරුදු ගානක් තිස්සේ ආරද් අපි ඉන්න තැන හොයාගන්න නොකරපු දෙයක් නෑ. ඒ හැමවෙලාවකදිම අපි කලේ අපේ පැක් එක ආරක්ෂා කරගන්න මහන්සි වුනු එක විතරයි. කවදාවත් අපි ආරද්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න උත්සාහා කලේ නෑ. ඒත් දැන් ඉවසුවා හොදටම ඇති . මේ පාර නම් අර අහිංසකයෝ තුන්දෙනාව මරපු පලිය අපි උන්ගෙන් ගන්නම ඕනේ "

ජන්කුක් එහෙම කියනකොට කොල්ලො තුන්දෙනා ජන්කුක් දිහා බැලුවේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now