EPISODE 02

182 56 17
                                    

සුවිශාල මන්දිරයේ ඉහල මහලේ පිහිටි තම කාමරය ඉදිරිපස ඒ මේ අත ඇවිද යමින් සිටි Moon Shine කණ්ඩායමේ නායක ඇල්ෆා කිම් වූබින් තුල පැවති නොසන්සුන් බව ඔහුව දකින ඕනෑම කෙනෙකුට දැකගන්න ලැබුනා. කාමරය ඇතුලින් නොනවත්වාම ඇසුනු ලූනාගේ වේදනාත්මක කෑගැසීම් හඬ වූබින්ව තව තවත් නොසන්සුන් කරන්න සමත් වුනා.

" ඩොක්ටර් .. මගේ සන්හී... සන්හී හොඳින් නේද ? "

වූබින් ඇහුවේ කාමරයෙන් පිටතට පැමිණි වෛද්‍යවරයාගෙන්.

" මට සමාවෙන්න ඇල්ෆා. ලූනා ගොඩක් දුර්වලයි. මේ වෙලාවේ ලූනාගෙත් , ලූනාගේ කුසේ ඉන්න දරුවාගේත් ජීවිතය ගැන බලාපොරොත්තු තියා ගන්න අමාරුයි . "

වෛද්‍යවරයාගෙන් ලැබුණු කණගාටුදාකය පිලිතුර වූබින්ගේ සිත තවත් දුර්වල කලා . තම ප්‍රාණය හා සමාන තමන්ගේ ආත්ම සහකාරිය සහ නූපන් දරුවාගේ ජීවිතය පිලිබද වූබින්ගේ සිත තුල ඇති වූ බිය , වූබින්ගේ හදවතට තියුණු ආයුධයකින් පහර දුන්නා හා සමාන වේදනාවක් ඔහුට අත්කර දුන්නා .

අහම්බයෙන් මෙන් ඒ අසල පැවති විශාල වීදුරු ජනේලයෙන් මන්දිරය තුලට විහිද ආ සඳ එලිය දුටු වූබින් හැකි ඉක්මණින් මන්දිරයෙන් පිටතට පැමිණියේ මේ මොහොතේ තමාට උපකාර කල හැකි එකම පුද්ගලයා සොයාගෙනයි .

" දේවතාවියනී... කරුණාකර... සන්හීගේත්.. අපගේ නූපන් දරුවාගේත් ජීවිතය රැක දෙනු මැනවි. මා ඔබෙන් අයදිනවා "

මන්දිරය ඉදිරිපිට ඉදිකර තිබූ සඳ දෙවඟනගේ දෙවොල ඉදිරියේ දණින් වැටුණු වූබින් තමන්ගේ ලූනාගේත් , නූපන් දරුවාගේත් ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් සඳ දෙවඟන ඉදිරියේ වැඳ වැටෙන්නට පටන් ගත්තා.

ලූනාගේ වේදනාත්මක කෑගැසීම් හඩ මුලු මන්දිරය පුරාම දෝංකාර දෙද්දී , අහස් කුස අරක්ගත් පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තේ පරිසරයටද යම් සුභදායී බලාපොරොත්තුවක පෙරනිමිති කියාපාමින්.

අහස් ගැබෙහි පෑයූ තාරකාවන්ගේ ආලෝකයද අභිබවමින් සඳ දෙවඟනගේ දීප්තිමත් සෞම්‍ය ආලෝකය මුලු අහස් ගැබම ඒකාවලෝක කරද්දී ... මන්දිරය දෙසින් ඇසුණු කුඩා බිලිඳෙකුගේ හැඬීම් හඬ වූබින්ගේ හෘදස්පන්දන වේගවත් කලා. නැවතත් ඉක්මණින් මන්දිරය තුලට දිවගිය වූබින්ට තම කාමරයේ විශාල ද්වාරය විවෘත කරනවාත් සමඟම දැකගන්නට ලැබුණේ තම ලූනාගේ උණුහුමේ ගුලි වී සුවසේ නිදා සිටින රෝස පැහැති කුඩා බිළි‍ඳෙකුව.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now